Connect with us

පුවත්

අද මිලිමීටර් 100ට වැඩි තද වැස්සක්

Published

on

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල අද (26) ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවය.

නැගෙනහිර පළාතේත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතරසහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

පුවත්

රටපුරා ලුණු හිඟයක්?

Published

on

By

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේ ලුණු මෙට්‍රික් ටොන් 30ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබුණ ද  එය ප්‍රමාද වී ඇති බවය.

එම නිසා වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් දක්නට ලැබෙන බව ගණක අමරසිංහ මහතා සඳහන් කළේය.

ඉදිරි සතිය තුළ අදාළ ලුණු තොග දිවයිනට ලැබීමට සමග පවතින ලුණු හිඟය පාලනය වනු ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේය.

මේ අතර වෙළෙඳපොළ තුළ ලුණු මිල ද ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් සහ වෙළෙඳුන් චෝදනා කරයි.

කැට ලුණු කිලෝ ග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 450ත් 500ත් අතර මිලකට අලෙවි කිරීමට වෙළෙඳුන් කටයුතු කරමින් සිටින බව ද වාර්තා වෙයි.

ඇතැම් පාරිභෝගිකයින් ඒ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ද අදහස් පළකර තිබුණි.

මේ සම්බන්ධයෙන් අද දෙරණ පාරිභෝගික පිළිබඳ අධිකාරියෙන් විමසීමක් කළේය.

එහිදී පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ ලුණු මිල ගණන් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට ද පැමිණිලි ලැබී ඇති බවය.

ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැටලීම් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව අසේල බණ්ඩාර මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

ඩේටා දන්සැල් ගැන අනතුරු ඇඟවීමක්

Published

on

By

අන්තර්ජාල සේවා සපයන සමාගම්වල නම් භාවිතා කරමින්, විවිධ අන්තර්ජාල පැකේජ සහ ඩේටා දන්සැල් ලබාදෙන බවට ව්‍යාජ ලෙස පවසන ජාවාරමක් පිළිබඳව පොලීසිය අනතුරු හඟවා තිබේ.

ශ්‍රී ලංකා පොලීසියේ නිල ෆේස්බුක් පිටුවේ මෙවැනි වංචා සහගත ජාවාරම්වලින් පළ කර ඇති ඡායාරූප කිහිපයක් පළ කර ඇත.

ඔබගේ දත්ත හෝ එක්වරක් පමණක් ලැබෙන මුරපදය හෙවත් OTP වෙනත් පුද්ගලයන්ට ලබා නොදෙන ලෙස එම ඡායාරූප සමඟ පොලීසිය සඳහන් කර තිබේ.

සත්‍යාපනය නොකළ වෙබ් අඩවි හෝ ජංගම දුරකථන යෙදුම් හෙවත් ඇප්වලට කිසිදු තොරතුරක් ලබා නොදෙන ලෙසද පොලීසිය එහිදී අනතුරු හඟවා ඇත.

පොලීසිය පවසන්නේ, මෙවැනි වංචාවලට හසුවීමෙන් පුද්ගලික දත්ත අහිමිවීම හෝ මුදල් වංචාවලට හසුවීම සිදුවිය හැකි බවය.

ඒ අනුව මෙවැනි සැක සහිත පණිවිඩ හෝ සබැඳි හෙවත් ලින්ක් දුටුවහොත් වහාම පොලිසියට හෝ අදාළ අන්තර්ජාල සේවා සපයන සමාගම් වෙත දැනුම් දෙන ලෙස මහජනතාවට උපදෙස් දී තිබෙනවා.අන්තර්ජාල සේවා සපයන සමාගම්වල නම් භාවිතා කරමින්, විවිධ අන්තර්ජාල පැකේජ සහ ඩේටා දන්සැල් ලබාදෙන බවට ව්‍යාජ ලෙස පවසන ජාවාරමක් පිළිබඳව පොලීසිය අනතුරු හඟවා ඇත.

මෙවැනි සැක සහිත පණිවිඩ හෝ සබැඳි හෙවත් ලින්ක් දුටුවහොත් වහාම පොලිසියට හෝ අදාළ අන්තර්ජාල සේවා සපයන සමාගම් වෙත දැනුම් දෙන ලෙස මහජනතාවට උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (13) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30–40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved