Connect with us

පුවත්

අද විරෝධතාවට අනුරට වාරණයක් දායි!

Published

on

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් අද (08) රාජගිරිය මැතිවරණ කාර්යාලය ඉදිරිපිට සංවිධානය කරනු ලබන විරෝධතාවට අදාළව මාර්ග කිහිපයක උද්ඝෝෂණය කිරීම පමණක් වලක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26 දෙනකුට එරෙහිව නියෝගයක් නිකුත් කළේය.

අධිකරණය විසින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 (01) වගන්තිය ප්‍රකාරව මෙම නියෝගය නිකුත් කරනු ලැබ ඇත්තේ, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, එම පක්ෂයේ සාමාජිකයන් වන විජිත හේරත්, ලාල් කාන්ත, ටිල්වින් සිල්වා, සුනිල් හදුන්නෙත්ති, වසන්ත සමරසිංහ ඇතුළු 26 දෙනකුට එරෙහිවය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාර්ගය, කොටා පාර, නාවල පාර ඔස්සේ සරණ පාර සහ මැතිවරණ කාර්යාලයේ ප්‍රවේශ මාර්ගයන් හි උද්ඝෝෂණය කිරීම තහනම් කරමින් මෙම අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති පාර්ශ්වයන් සිදුකිරීමට නියමිත උද්ඝෝෂණය හේතුවෙන් අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන පාසල් සදහා අවහිරයක් මෙන්ම මහජන පීඩාවක් සිදුවන බවට සදහන් කරමින් වැලිකඩ පොලීසිය මෙම ඉල්ලීම අධිකරණයෙන් ඉල්ලා තිබිණී.

ක්‍රීඩා

IPL යළි ඇරඹෙන දිනය?

Published

on

By

අතරමැද නවතා දැමුණු ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලිය නැවතත් මැයි මස 17 වන දින සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩාංගණ 6 කදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙයි.

පළමු තරගය ලෙස මැයි මස 17 වන දින රොයල් චැලෙන්ජර්ස් බැංගලොර් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වෙයි.

ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජුනි මස 3 වන දින පැවැත්වීමට නියමිතයි.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

රටපුරා ලුණු හිඟයක්?

Published

on

By

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේ ලුණු මෙට්‍රික් ටොන් 30ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබුණ ද  එය ප්‍රමාද වී ඇති බවය.

එම නිසා වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් දක්නට ලැබෙන බව ගණක අමරසිංහ මහතා සඳහන් කළේය.

ඉදිරි සතිය තුළ අදාළ ලුණු තොග දිවයිනට ලැබීමට සමග පවතින ලුණු හිඟය පාලනය වනු ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේය.

මේ අතර වෙළෙඳපොළ තුළ ලුණු මිල ද ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයින් සහ වෙළෙඳුන් චෝදනා කරයි.

කැට ලුණු කිලෝ ග්‍රෑම් 1ක පැකැට්ටුවක මිල රුපියල් 450ත් 500ත් අතර මිලකට අලෙවි කිරීමට වෙළෙඳුන් කටයුතු කරමින් සිටින බව ද වාර්තා වෙයි.

ඇතැම් පාරිභෝගිකයින් ඒ සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ද අදහස් පළකර තිබුණි.

මේ සම්බන්ධයෙන් අද දෙරණ පාරිභෝගික පිළිබඳ අධිකාරියෙන් විමසීමක් කළේය.

එහිදී පාරිභෝගික කටයුතු සහ තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සඳහන් කළේ ලුණු මිල ගණන් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට ද පැමිණිලි ලැබී ඇති බවය.

ඒ අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැටලීම් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව අසේල බණ්ඩාර මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

ඩේටා දන්සැල් ගැන අනතුරු ඇඟවීමක්

Published

on

By

අන්තර්ජාල සේවා සපයන සමාගම්වල නම් භාවිතා කරමින්, විවිධ අන්තර්ජාල පැකේජ සහ ඩේටා දන්සැල් ලබාදෙන බවට ව්‍යාජ ලෙස පවසන ජාවාරමක් පිළිබඳව පොලීසිය අනතුරු හඟවා තිබේ.

ශ්‍රී ලංකා පොලීසියේ නිල ෆේස්බුක් පිටුවේ මෙවැනි වංචා සහගත ජාවාරම්වලින් පළ කර ඇති ඡායාරූප කිහිපයක් පළ කර ඇත.

ඔබගේ දත්ත හෝ එක්වරක් පමණක් ලැබෙන මුරපදය හෙවත් OTP වෙනත් පුද්ගලයන්ට ලබා නොදෙන ලෙස එම ඡායාරූප සමඟ පොලීසිය සඳහන් කර තිබේ.

සත්‍යාපනය නොකළ වෙබ් අඩවි හෝ ජංගම දුරකථන යෙදුම් හෙවත් ඇප්වලට කිසිදු තොරතුරක් ලබා නොදෙන ලෙසද පොලීසිය එහිදී අනතුරු හඟවා ඇත.

පොලීසිය පවසන්නේ, මෙවැනි වංචාවලට හසුවීමෙන් පුද්ගලික දත්ත අහිමිවීම හෝ මුදල් වංචාවලට හසුවීම සිදුවිය හැකි බවය.

ඒ අනුව මෙවැනි සැක සහිත පණිවිඩ හෝ සබැඳි හෙවත් ලින්ක් දුටුවහොත් වහාම පොලිසියට හෝ අදාළ අන්තර්ජාල සේවා සපයන සමාගම් වෙත දැනුම් දෙන ලෙස මහජනතාවට උපදෙස් දී තිබෙනවා.අන්තර්ජාල සේවා සපයන සමාගම්වල නම් භාවිතා කරමින්, විවිධ අන්තර්ජාල පැකේජ සහ ඩේටා දන්සැල් ලබාදෙන බවට ව්‍යාජ ලෙස පවසන ජාවාරමක් පිළිබඳව පොලීසිය අනතුරු හඟවා ඇත.

මෙවැනි සැක සහිත පණිවිඩ හෝ සබැඳි හෙවත් ලින්ක් දුටුවහොත් වහාම පොලිසියට හෝ අදාළ අන්තර්ජාල සේවා සපයන සමාගම් වෙත දැනුම් දෙන ලෙස මහජනතාවට උපදෙස් දී තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved