Connect with us

පුවත්

අද සිට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

Published

on

77 වැනි නිදහස් දින සමරුම් පෙරහුරු හේතුවෙන් කොළඹ නිදහස් චත්‍රරශ්‍රය ආශ්‍රිතව අද(29) සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

පොලීසිය සඳහන් කළේ, අද(29) සිට ලබන 02 වැනිදා දක්වා සහ නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වෙන ලබන 04 වැනිදා උදෑසන 6.00 සිට දහවල් 12.00 දක්වා එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන බවය.

ඒ අනුව නිදහස් සමරු උත්සවයේ පෙරහුරු පුහුණුවීම් කටයුතු ඉහත සඳහන් කරන ලද දිනයන්හි පාසැල් පැමිණෙන ළමුන්ට බාධාවක් සිදුනොවන අයුරින් පෙරවරු 08.00 සිට පහත සඳහන් පරිදි රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලීසිය දැනුම් දී තිබේ.

මාර්ග වසා තැබීම / රථවාහන ගමනාගමනය සීමා කිරීම්

A. බෞද්ධාලෝක මාවත, ටොරින්ටන් හන්දියෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මාවත දෙසට ඇතුල් වීම.

B. ආර්.එෆ්.පී. හන්දියෙන් රාජ්‍ය පරිපාලන දෙසට ඇතුල් වීම.

C. විජේරාම විද්‍යා මාවත හන්දියෙන් විද්‍යා මාවත දෙසට ඇතුල් වීම.

D.ආර්.ජී. සේනානායක මාවත, මෙට්ලන්ඩ් චන්ද්‍රවංක හන්දියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුල් වීම.

E. නිදහස් මාවත නිදහස් වටරවුමෙන් මෙට්ලන්ඩ් චන්ද්‍රවංකය දෙසට ඇතුල් වීම.

F. ස්ටැන්ලි විජේසුන්දර මාවත, පදනම් මාවත හන්දියෙන් නිදහස් මාවත දෙසට ඇතුල් වීම.

G. නිදහස් වටරවුමෙන් නිදහස් චතුරස්‍රය දෙසට ඇතුල් වීම.

H. පුස්තකාල වටරවුමෙන් හෝර්ටන් වටරවුමට ඇතුල් වීම (සීමා කිරීම)

I. නිදහස් පදනම හන්දියෙන් නිදහස් මාවතට පිවිසීම.

ගමනාගමනය සීමා කර හෝ මාර්ග වසා ඇති ප්‍රදේශ මඟ හැර පහත පරිදි කොළඹට ඇතුල් විය හැකියි.

01.නන්දා මෝටර්ස් දෙස සිට පැමිණෙන රථවාහන නිදහස් වටරවුමෙන් දකුණට හැරී පිලිප් ගුණවර්ධන මාවත ඔස්සේ ස්ටැන්ලි විජේසුන්දර මාවතින් බෞද්ධාලෝක මාවතට ඇතුල් විය හැකිය.

02.බෞද්ධාලෝක මාවතින්, හෝර්ටන් වටරවුම දෙසට පැමිණෙන වාහන සඳහා විජේරාම මාවත ඔස්සේ ගමන් කර හෝර්ටන් විජේරාම ඔස්සේ හෝර්ටන් පෙදෙස දෙසට ගමන් කල හැකිය.

03.විජේරාම මාවත ඔස්සේ විද්‍යා විජේරාම හන්දියෙන්, තුම්මුල්ල දෙසට ගමන් කරන රථවාහන සඳහා විද්‍යා විජේරාම හන්දිය ඔස්සේ බුලර්ස් විජේරාම දෙසට පැමිණ කනත්ත දෙසට සහ තුම්මුල්ල දෙසට ගමන් කල හැකිය.

රථ ගාල් පිහිටි ස්ථාන,

➔ රූපවාහිනී සංස්ථාව අසල රථගාල (සැහැල්ලු වාහන 250)

➔ BMICH අංක 02 දොරටුව ඇතුලත රථගාල (සැහැල්ලු වාහන 350) › CR & FC රථගාල (සැහැල්ලු වාහන 250)

➔ BMICH අංක 04 දොරටුව ඇතුලත රථගාල (සැහැල්ලු වාහන 550)

➔ BMICH අංක 03 දොරටුව ඇතුලත රථ ගාල (සැහැල්ලු වාහන 150)

➔ නිදහස් මාවත ආකේඩ් රථ ගාල (සැහැල්ලු වාහන 30)

➔ ප්‍රේමකීර්ති ද අල්විස් මාවත රථගාල (සැහැල්ලු වාහන 30)

➔ ITI රථගාල (සැහැල්ලු වාහන 75)

➔ නෙළුම් පොකුණ රඟහල රථගාල (බස් රථ 75)

➔ සරණ පාර BMICH භූමිය අවට මාර්ගය (සැහැල්ලු වාහන 230 / බස් රථ 75) ඉහත මාර්ග වසා තබන හා ගමනාගමනය සීමා කරන අවස්ථාවන් වලදී එම ප්‍රදේශවල පදිංචිකරුවන්ට රථවාහන නිලධාරීන්ගේ උපදෙස් මත ගමන් කල හැකිය.

පෙරහුරු රාජකාරි හා නිදහස් දින උත්සවය අවසන් වීමත් සමඟ රථවාහන ගමනාගමනය සඳහා ඉහත මාර්ග විවෘත කිරීමේ කටයුතු කෙරෙනු ඇත.

මෙම රථවාහන දළ සැලැස්ම පහතින්,

පුවත්

කඳාන වෙඩිතැබීමකින් හිටපු ඇමති ගේ පෞද්ගලික ලේකම්ට තුවාලයි!

Published

on

By

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු හට කඳාන ජනතා පොළ ආසන්නයේදී අද (ජූලි 03) වෙඩි තබා තිබේ.

මෙම සිද්ධියෙන් හිටපු අමාත්‍ය – මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සමීර මනහර මහතා ද තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

තුවලකරුවන් රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

මොනරා ගමනය නිමයි; ස්වර්ණවාහිනිය අර්බුදයක; ටෙලි නිෂ්පාදකයෝ අමාරුවේ

Published

on

By

ආඩම්බරකාර ටෙලිවිෂන් සම්ප්‍රාප්තිය ලෙස වර ගන්වමින් මීට වසරකට පෙර ආරම්භ කරන ලද මොනරා TV වසා දැමීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, එහි සේවකයන්ට දන්වා ඇත්තේ පරිපාලන අවුලක් නිරවුල් කර ගැනීමට මෙය තාවකාලිකව වසා දැමුණු බවයි.

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයට අනුබද්ධිතව ආරම්භ කරන ලද මොනරා TV ඉකුත් 2024-06-25 වැනිදා වෝටර්ස් එජි හි විශාල උත්සවයක් පවත්වා ආරම්භ කරන ලදී.


එහි ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවේ බුද්ධික වික්‍රමාදර මහතා ය.

කෙසේවුවද, ආදළ රූපවාහිනී නාලිකාවට ටෙලිනාට්‍ය සපයන ලද ටෙලිනාට්‍ය නිෂ්පාදකයින්ට රුපියල් ලක්ෂ 2000 ක පමණ හිඟ මුදල් පවතින බවද පැවසේ.

මේ අතර, ආර්ථික කඩාවැටීමකින් ක්‍රියාත්මක වන ස්වර්ණවාහිනී නාලිකාවද දැඩි මූල්‍ය අර්බුදයක සිටින බව පැවසේ.

ස්වර්ණවාහිනිය කලක සිට ටෙලිනාට්‍ය වලට ගෙවනු ලැබුවේ කොටස් 60ක් පමණ එම නාලිකාවේ විකාශයවීමෙන් පසුව බවද වාර්තා වේ.


ඒ අනුව ටෙලිනාට්‍ය නිෂ්පාදකයකුට රුපියල් ලක්ෂ 150ක් පමණ ටෙලිනාට්‍යකට ආයෝජනය කර එහි මුදල් ලබා ගැනීමට මාස තුනකට ආසන්න කාලයක් බලා සිටීමට සිදුව ඇති බව ද ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු අප වෙත පැවසීය.

එසේ මුදල් ගෙවීමේදී ද මුදල් ගෙවනු ලබන්නේ කොටස් 5ක් වැනි ප්‍රමාණයකට බවද වාර්තා වේ.


මේ පිපිරීමත් සමඟ ටෙලිනාට්‍ය නිෂ්පාදකයින් දැඩි අර්බුදයක පවතින බවද වාර්තා වේ.
එසේම, ස්වර්ණවාහිනියේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරී සුසාර දිනාල් මහතා එම ධූරයට පත්වීමට පෙර එයට ටෙලිනාට්‍ය සැපයූ ටෙලි නිෂ්පාදකයින්ට ඔවුන්ගේ විකාශය වූ ටෙලිනාට්‍යවල මුදල් ලබා ගැනීම තවත් අපහසුව ඇතැයි වාර්තා වේ.

ඒ අදාළ මුදල් සුසාරට පෙර එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ උදාර විජේසිංහ මහතාගෙන් ඒවා ඉල්ලා ගන්නා ලෙස වත්මන් පාලන අධිකාරිය විසින් පැවැසීම නිසාය.

ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ හිමිකරුවන්නේ ලයිකා මොබයිල් හිමිකාර සුභාෂ්කරන් අලි රාජා මහතා ය.

Continue Reading

පුවත්

අයවැයෙන් ඉහළ දැමු විශ්‍රාම වැටුප් මේ මාසයේ සිට

Published

on

By

අයවැයෙන් ඉහළ දැමීමට තීරණය කළ, වීශ්‍රාම වැටුප් මේ මාසයේ සිට ලබාදෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ, විශ්‍රාමික රාජ්‍ය සේවකයින් ලක්ෂ 5කට අධික පිරිසකට එම ඉහළ දැමූ විශ්‍රාම වැටුප් හිමි වන බවයි. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved