Connect with us

පුවත්

අනවසරෙන් මසුන් මැරූ ඉන්දීය ධීවරයින් 17ක් අත්අඩංගුවට

Published

on

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව ශ්‍රී ලංකා නාවික හමුදාව සදහන් කරයි.

එහිදී අදාළ ඉන්දියානු යාත්‍රා දෙක සමඟ ඉන්දියානුවන් 17 දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉකුත් 29දා නාවික හමුදාව මෙම වැටලීම සිදු කොට තිබුණි.

උතුරු නාවික විධානය මගින් මන්නාරමට උතුරු මුහුදු සිමාවේ මෙරට මුහුදු සීමාව තුල මසුන් ඇල්ලීමේ නිරතවූ ඉන්දියානු යාත්‍රා රැසක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒවා පලවා හරිම සදහා මෙහෙයුමක් දියත් කොට තිබේ.

ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රා හා වෙරළබඩ මුර යාත්‍රා යොදා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

මෙසේ අත්අඩංගුවට ගන්න ලද යාත්‍රා 02ක හා ඉන්දියානුවන් 17 දෙනා තලෛමන්නාරම ජැටිය වෙත රැගෙන එමෙන් අනතුරුව ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සදහා ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කොට ඇත.

පුවත්

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට

Published

on

By

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ, අදාළ වාර්තාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ලබාදෙන තීරණයෙන් පසුව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කරනවා ද නැද්ද යන්න පිළිබඳ තීරණයක් ගන්නා බවයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද කමිටුවේ නිර්දේශ මත පදනම්ව එම තක්සේරු වාර්තාව මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වැඩබලන පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

සැමියාගේ පෞද්ගලික රෝහල තුළ දී බිරිඳව ඝාතනය කෙරේ

Published

on

By

ත්‍රිකුණාමලය නගරයේ පිහිටා ඇති පෞද්ගලික රෝහලක් තුළ දී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, එම රෝහලේ තෙවන මහලේ නේවාසිකව සිටි 63 හැවිරිදි කාන්තාවකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (05) අලුයම් කාලයේදී ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මරණකාරිය විදෙස් ගතව සිට පැමිණි අයෙක් වන අතර ඇය තම ස්වාමි පුරුෂයාට අයත් රෝහලේ 03 වන මහලේ පිහිටි කාමරයක නේවාසිකව සිටි ඇත.

මියගිය කාන්තාව කාමරයට පැමිණෙමින් සිටියදී ඇගේ සැමියාගේ සහෝදරයා විසින් එම ඝාතනය සිදුකරන්නට ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

ඝාතනය සිදුකිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වයස අවුරුදු 55ක් වන ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුද එම මහලේම කාමරයක නේවාසිකව පදිංචිව සිට ඇත.

මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සඳහා සිද්ධිය වූ ස්ථානයේ ඇති අතර, ත්‍රිකුණාමලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Continue Reading

පුවත්

කෝටි 10ක අයිස් සමග  කාන්තාවක් අත්අඩංගුවට

Published

on

By

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (04) රාත්‍රියේ මැලේසියාවේ සිට පැමිණි තායිලන්ත කාන්තාවක් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුව පැවසුවේ මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 5ක් වන බවය.  

මෙම කාන්තාව විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය සිය ගමන් මලුවල සඟවා තිබූ අතර එය අයිස් නමැති මත්ද්‍රව්‍ය තොගයක් බව ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය පැවසීය.

මේ අතර ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම්වලින් අයිස්, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ ගල්කිස්ස, මොරටුව, බොරැල්ල, දෙමටගොඩ සහ පෑලියගොඩ යන ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

ගල්කිස්ස ගුවන්තොටුපොළ හන්දිය ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර මොරටුව, ලක්ෂපතිය ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 370ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම බොරැල්ල, හල්ගහකුඹුර ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 780ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර දෙමටගොඩ ප්‍රදේශයේ දී ද හෙරොයින් ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 850ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

ඊට අමතරව පෑලියගොඩ පෝරණුකොටුවත්ත ප්‍රදේශයේ දී හෙරෙයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 600ක් සමග පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved