Connect with us

පුවත්

අන්තරේ කැඳවුම්කරු ඇප මත මුදා හැරේ

Published

on

කොළඹ – කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති විරෝධතාවයක් අතරතුර ඊයේ (10) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු සැකකරුවන් ඇපමත මුදාහැර තිබේ.

ඔහුන් 10 දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් මුදාහැරි බව වාර්තා වේ.

මෙලෙස ඇප මත මුදා හැර ඇත්තේ, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්, බොරලැස්ගමුවේ විමලානන්ද හිමි සහ සීවලී හිමි ඇතුළු සැකකරුවන් 10 දෙනෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් යන අයට එරෙහිව මාළිගාකන්ද අධිකරණයේ පවරා ඇති නඩුව සඳහා මෝසමක් ගොනු කරමින් ඉදිරිපත් වන ලෙසද මහෙස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කලේය.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිකිරීමට එරෙහිව ඔවුන් එම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

මැතිවරණ පනත, මංමාවත් පනත මෙන්ම පොලිස් ආඥා පනත උල්ලංඝනය කරමින් ඔවුන් මෙලෙස උද්ඝෝෂණය කරමින් පෙළපාළියක් ආකාරයෙන් ගමන් ගත් බවත් කොටුව සහ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපතිවරුන් අධිකරණයට දැනුම්දී තිබේ.

එම උද්ඝෝෂකයින් රාජකාරි නිමවා නිවෙස් වෙත යන සේවකයන්ට අවහිර වන ලෙස සම්පූර්ණයෙන්ම පාරක් අවහිර කරමින් ගමන් ගත් බවත් රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවත් පොලීසිය අධිකරණයට දන්වා තිබුණි.

මෙම සැකකරුවන් කිසිදු අපේක්ෂකයෙකුට සහාය දීමක් සිදුකර නොමැති බවද අනාවරණය විය.

මැතිවරණ සමයේ විරෝධතා පෙළපාලි සඳහා කිසිදු ඉඩක් නොමැති හෙයින් ඒ බව මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියකු එම ස්ථානයට පැමිණ දැනුම් දී තිබේ.

නමුත් විරෝධතාකරුවන් පාගමන යෑමට සැරසීමත් සමග මංමාවත් අවහිර කරමින් සාපරාධී බලහත්කාරය පෑම මත ඔවුන්ව අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

මහපොළ ශිෂ්‍යාධාරය වැඩි කරන ලෙස ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ඔවුන් උද්ඝෝෂණය කළ බව සැකකරුවන් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ මඩුල්ල අධිකරණයෙන් කළ ඉල්ලීම සහ දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය ඔවුන්ව අප මත මුදා හරිනු ලැබුවේය.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved