Connect with us

පුවත්

අන්තරේ ට අධිකරණ නියෝගයක්

Published

on

අන්තරේ ට අධිකරණ නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (07) දහවල් කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට අදාළව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එම උද්ඝෝෂණයට එක්වන පුද්ගලයින්ට අද පෙරවරු 11 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ ගාලුමුවදොර පිටිය යන පරිශ්‍රයන්ට ඇතුළුවීමෙන් වළකින ලෙස අදාළ නියෝගයේ සඳහන් ය.

මීට අමතරව තවත් නම් කරන ලද කොළඹ මාර්ග රැසක් අවහිර කිරීමෙන් වළකින ලෙසද අධිකරණය අදාළ උද්‍ඝෝෂකයින්ට නියෝග කර තිබේ.

එම නියෝගය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය සංගම් 16ක ක්‍රියාකාරීන්ට සහ ඊට සහභාගි වන තැනැත්තන්ට අදාළ වන බවද එහි සඳහන්ය.

(අද දෙරණ)

කලා

ජැකී චෑන්ගේ පැන්ඩා ප්ලෑන් එළිදකියි (වීඩියෝ)

Published

on

By

සුපිරි සිනමා තරුවක් වන ජැකී චෑන් ගේ නවතම චිත්‍රපටය පසුගියදා චීනයේ බෙයිජිං අගනුවරදී එක්දැක්වුණි.

‘පැන්ඩා ප්ලෑන්’ නම් මෙම චිත්‍රපටය, පැන්ඩා සතෙකු බේරාගැනීමට අපරාධ කල්ලියක් හා සටන් වැදෙන ජාත්‍යන්තර කුංෆු තරුවක් පිළිබඳ කතා පුවතකි.

මෙහිදී අදහස් දැක්වූ ජැකී චෑන් පවසා ඇත්තේ මේ චිත්‍රපටිය සමග, ලොව පුරා සිටින තවත් දරුවන්  පැන්ඩාවන් පිළිබඳව දැනගනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.

Continue Reading

පුවත්

මන්ත්‍රීවරුන්ගේ තවත් වරප්‍රසාදයක් අහිමි වෙයි

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට බාර දෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම එම මුද්දර පාවිච්චි කිරීම තහනම් වන බැවින් එම මුද්දර ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට නැවත බාරදෙන ලෙසය .

එමෙන්ම එම මුද්දර අවලංගු ඒවා හැටියට සලකන ලෙසද තැපැල්පතිවරයා විසින් දිවයිනේ සියලුම තැපැල් කාර්යාලවලට දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වාර්ෂිකව රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා මුද්දර නොමිලේ නිකුත් කෙරෙන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයා ඇති සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ අහෝසි වී යනු ලබයි.

මන්ත්‍රී දීමනාව, මන්ත්‍රී කාර්ය මණ්ඩල දීමනා,ඉන්ධන දීමනා,නිල නිවාස මෙසේ අහිමිවී ගිය සෙසු පහසුකම් වේ.

Continue Reading

පුවත්

කඩා දැමූ රාජසභා මණ්ඩපය යළි ඉදිකරන්න සැලසුම්

Published

on

By

කඩා දැමුණු ඓතිහාසික කුරුණෑගල බුවනෙකබා රාජසභා මණ්ඩපය නැවත ඉදිකරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා සඳහන් කළේ, බුවනෙකබා රාජසභා මණ්ඩපය නැවත ඉදිකිරීම සඳහා නගර සභාවෙන් අනුමැතිය ගත යුතු බවය.

එය නගර සභාව සතු භූමියක් වීම ඊට හේතු වී තිබේ.

පරණ කොටස ආරක්ෂා කරමින් අනෙක් කඩා දැමු කොටස නැවත ඉදිකරන බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

2020 වසරේ ජූලි මාසයේ 14 වැනි දා මාර්ගය පුළුල් කිරීමට යැයි පවසමින් කුරූණෑගල මහනගර සභාව, බැකෝ යන්ත්‍රයක් යොදා ඉපැරණි බුවනෙකබා රාජ මාලිගයට හානි සිදුකර තිබුණි.

13 වන සියවසේ කුරුණෑගල රාජධානි සමයට අයත් යැයි සැළකෙන අදාළ ගොඩනැගිල්ල, 1940 අංක 09 දරණ පුරා වස්තු ආඥා පනත යටතේ පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස සැලකෙන ස්මාරකයකි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved