Connect with us

පුවත්

අන්තරේ 22ක් අත්අඩංගුවට (Update)

Published

on

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ 22 ක් පුරහල ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවක් අද (10) පස්වරුවේ ස්ථාන කිහිපයකින් ආරම්භ කෙරුණු අතර ප්‍රරහල ප්‍රදේශයේදී හා කිරුළපන ප්‍රදේශයේදී විරෝධතා පාගමනට පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල විය.

——————————————

(පෙරර් පුවත: 2023 අගෝස්තු 10, ප.ව.05:14)

අන්තරේ පා ගමනට පොලීසියෙන් ජල ප්‍රහාර

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලිසිය විසින් හැව්ලොක් සිටි හිදි සහ පුරහල අසලදී ජල ප්‍රහාර එල්ල කර ඇත.

මෙසේ ප්‍රහාරයට ලක් වූයේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ටවුන්හෝල් හි පැවැත්වීමට සංවිධානය කළ විරෝධතාවයට එක්වීමට හැව්ලොක් සිටි හි විලාසිතා නිවස අසලින් ආරම්භ කළ විරෝධතා පා ගමනට එක්වු සිසු සිසුවියන්ටය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හා නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියෝ ද එයට එක්ව සිටියහ.

කෙසේ වෙතත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම උද්ඝෝෂණයට අදාළව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය සහ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (10) පෙරවරුවේ අධිකරණ නියෝග ද නිකුත් කර තිබුණි.  

සබැඳි පුවත් :

අන්තරේට අධිකරණ නියෝගයක්

කැබිනට් තීරණ

පොදු ප්‍රවාහනට ළඟදීම මෙට්‍රෝ බස් 100ක්

Published

on

By

පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සුවපහසු, දියුණු තාක්ෂණයෙන් යුතු එම බස් රථ හඳුන්වා දීමට 2025 අයවැය මඟින් ද යෝජනා වුණි.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව, මාකුඹුර, කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා මෙම පහත් පිවිසුම් සහිත බස් රථ එක්වෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ යෝජනාව සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

ඊයේ (ජූනි 02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :


(පෙර පුවත 2025 ජූනි ප.ව.12.49 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved