Connect with us

පුවත්

අනිකාට පහරදුන්නැයි මුසම්මිල්​ගේ පුතා හාඩි පොලිසිය සොයයි!

Published

on

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ පුත්‍රයෙකු වන මොහොමඩ් ඉෂාම් ජමල්දීන් මහතා (හාඩි) විසින් කළ පහරදීමකින් තරුණියක තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි වැල්ලවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

සැකකරු මේවන විට සැඟව සිටින බව පොලිසිය කියා සිටී.

හැව්ලොක් උද්‍යාන මාවතේ මහල් නිවාස සංකීර්ණයක දි මෙම පහරදීම සිදුව ඇතැයි පැවසේ.

ඊයේ අලුයම එකට පමණ එම මහල් නිවාස සංකීර්ණයට පැමිණ ඇති අදාළ පුද්ගලයා එම තරුණියට පහරදී ඇති බව වාර්තා වේ.

පහරදීමෙන් බරපතල තුවාල ලැබු තරුණිය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර නේවාසිකව ප්‍රතිකාර ලබන බව පැවසේ. 

මෙලෙස පහර කැමට ලක්ව ඇත්තේ අනිකා විලියම්සන් නමැති තරුණියක් වන අතර, ඇය එම මහල් නිවාස සංකීර්ණයේ තනිවම වාසය කරන තැනැත්තියක් බවද පැවසේ.

ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු සමඟ විවාහ වි සිටින ඇය ප්‍රකට ව්‍යාපාරිකයකුවන ඒලියන් ගුණවර්ධ​න මහතාගේ දියණියයි.

ඇය ජැට් හෝල්ඩිංග්ස් හි අධ්‍යක්ෂවරියක් ලෙසද සේවය කරනු ලබයි.

පසුගියදා, වැලිගම ප්‍රදේශයේ හෝටල් පරිශ්‍රයක් තුළ පොලිසිය හා පොලිසිය අතරම වෙඩි තබා ගැනීමක් සිදුවූ සිද්ධියට අදාළ හෝටලය වන වැලිගම W15 හෝටලය ද මොහොමඩ් ඉෂාම් ජමල්දීන් මහතාට (හාඩි) අයත් එකක් බව පැවසේ.

එම සිද්ධියෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට අනියුක්තව සේවය කළ උපුල් චමින්ද කුමාර නැමැති පොලිස් සැරයන්වරයා මිය ගියේය.

මූලාශ්‍රය – හිරු

සබැඳි පුවත්:

වැලිගම වෙඩි තැබීමෙන් මියගිය පොලිස් නිලධාරියාට උසස්විමක් 

වැලිගම වෙඩි තැබීමකින්  පොලිස් නිලධාරියකු ජීවිතක්ෂයට

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved