Connect with us

පුවත්

අනුර ආව ජෙට් එකට හරියටම ගෙව්වේ කවුද ?

Published

on

වියට්නාමයේ සංචාරය නිමවා ජනාධිපති අනුර කුමාර දිසානායක පැමිණි ජෙට් යානය සම්බන්ධයෙන් ආණ්ඩුව පරස්පර විරෝධී ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි හර්ෂණ රාජකරුණා පාර්ලිමේන්තුවේ දී ඊයේ ( 08 වැනිදා ) පැවසීය.

මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ එම ජෙට් යානය සම්බන්ධයෙන් ඇති වූ සංවාදයේ දී විදේශ ඇමැති විජිත හේරත් විසින් කරන ලද ප්‍රකාශයක් අනුව ය.

මන්ත්‍රි හර්ෂණ රාජකරුණා

වියට්නාම සංචාරය නිමවා ජනාධිපතිතුමා පැමිණියේ ජෙට් යානයකින්. ඒ සඳහා වියදම් කළේ කවුද කියලා පැහැදිලි කිරීමක් කරන්න.

විදේශ ඇමැතිවරයා

ජනාධිපතිවරයා ඒ සංචාරයට එක් වුණේ වියට්නාම ජනාධිපතිවරයාගේ නිල ආරාධනයකට හා එක්සත් ජාතීන්ගේ සංගමයේ වෙසක් උළෙලට. වෙසක් උළෙලෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බෞද්ධ සංගමය විශේෂ ගුවන් යානයක් අපට සැපයුවා. අපේ ටිකට් වියදමත් නැහැ. යාමට ගිය වියදම විතරයි ආණ්ඩුවෙන් දැරුවෙ.

මන්ත්‍රිවරයා

ඒ ජෙට් යානයට වියදම වියට්නාම රජය දැරුවා කියලා මුලින් කියලා තිබුණා. දැන් වෙන කතාවක් කියනවා. දැන් ඒ ගැනත් ගැටලුවක් මතු වෙනවා. වියට්නාම රජය නෙමෙයිනෙ වියදම දරලා තියෙන්නෙ. රජයෙන් කළ ආරාධනාවක් අනුව ගියා නම් හදිසියෙ ඡන්දෙ දාන්න එන්න අවශ්‍ය වුණා නම් රජය නෙමෙයි ද වියදම දැරිය යුතු වන්නේ.

ඇමැතිවරයා

කරුණු වරද්දගන්න එපා. උත්සව දෙකක්. ජනාධිපති නිල ආරාධනාව. අනෙක් එක එක්සත් ජාතින්ගේ වෙසක් උළෙල.වෙසක් උළෙලට වියදම් දරන්නෙ සංවිධාන කමිටුව.

මන්ත්‍රිවරයා

මම අහන්නේ ජෙට් එකට කළ වියදම ගැනයි.

ඇමැතිවරයා

රජයත් බෞද්ධ සංවිධාන කමිටුවත් ඒකාබද්ධවයි වියදම් කළේ.

මන්ත්‍රිවරයා

දැන් කියන්නෙ පරස්පර විරෝධී කතාවක්. මම අහන්නෙ පෞද්ගලික ජෙට් එකකින් ආවේ. වියදම් කළේ කවුද කියලා. බෞද්ධ සංගමය කියලා දැන් කියනවා.

ඇමැතිවරයා

මම පැහැදිලි කළා. උත්සව දෙකක්. රාජ්‍ය තාන්ත්‍රික උත්සවයට හා වෙසක් උත්සවයට රජයයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බෞද්ධ සංගමයයි ඒකාබද්ධවයි වියදම් දැරුවෙ.

කොළඹ දිස්ත්‍රික් මන්‍ත්‍රි සමන්මලී ගුණසිංහ (ජා ජ බ)

හිටපු ජනාධිපතිවරයා විදෙස් ගමන්වලට රුපියල් බිලියන් ගණන් වැය කරද්දි මේ අය කොහෙද හිටියෙ. 

මූලාශ්‍රය – අරුණ

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved