Connect with us

පුවත්

අනුර කියන විදිහට කඳුළු එන්න දිනන්න ඕනේ නෑ

Published

on

අලුත්වුණු පොදු ජන පෙරමුණ තුළ අවුරුදු 40 ට අඩු අපේක්ෂකයන් 103 ක් සිටින බව පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ, අද (11) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ඉතාම තරුණ කණ්ඩායමක් ඉදිරිපත් කර තිබෙන බව ඔහු පවසයි.

අලුත්වුණු පොහොට්ටුව තුළ අවුරුදු 40 ට අඩු අපේක්ෂකයන් 103 ක්ද, සමස්ථයක් වශයෙන් අවුරුදු 50 ට අඩු සියලුම අපේක්ෂයන් 164 ක් පොදු ජන පෙරමුණ පක්ෂයෙන් ඉදිරිපත්වෙලා සිටින බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ අතර කාන්තා අපේක්ෂිකාවන් ජාතික ලැයිස්තු ඇතුළු 24 ක් ඉදිරිපත්වෙලා තිබෙන බව ඔහු කියා සිටියේය.

අපගේ ප්‍රතිපත්තිමය දේශපාලනය කරන දේශපාලන බලවේගයක් බවත් වෛරය, ක්‍රෝධය , ඊරිසියාව, කුහකත්වය කේන්ද්‍ර කරගෙන යන දේශපාලන බලවේගයක් නොවන බවත් නාමල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ

“ඒ අනුව මම ගෞරවයෙන් අපේ පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඡන්ද පොලට යන්න, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙනුත්, ඔබ විශ්වාස කරන, ඔබ නියෝජන කරන්න පුළුවන් , ඔබේ හඩ පාර්ලිමේන්තුවේ අවදි කරන්න පුළුවන් ඔබේ මන්ත්‍රිවරු පත්කරලා පාර්ලිමේන්තුවට යවන්න කියලා ගෞරවනීය ආදරණීය ඉල්ලීම කරනවා. අනුර කුමාර දිසානායක කතා කරන්නේ අඩන්න. කඳුළු එන්න දිනන්න ඕන කියලා කියන්නේ. ඒ නිසා අපිට කඳුළු එන්න දිනන්න ඕනේ නැහැ. අපි කඳුළු නවත්වන්න කටයුතු කරන දේශපාලන බලවේගයක්. අපි මිනිස්සු අඩවලා මිනිස්සුන්ට බොරු කියලා දේශපාලනය කරන්නේ නැහැ. අපි පැහැදිලිවම ප්‍රතිපත්තියක් විදිහට දේශපාලනය කරන්නේ. අපේ ප්‍රතිපත්ති බලය ලබාගන්න මාරුකරලා නැහැ. අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණ සම්පූර්ණයෙන්ම ප්‍රතිපත්තිය හුදෙක් බලය ලබාගැනීම වෙනුවෙන් වෙනස් කරලා තිබෙනවා ”

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved