Connect with us

පුවත්

“අනුර ගෙනාපු චීන ආයෝජනය මුලින්ම ගේන්න හැදුවේ මහින්ද”

Published

on

ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් ලෙස චීනයෙන් මෙරටට ලැබී තිබෙන හම්බන්තොට ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීමේ ආයෝජනය ගැන 2015 පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේද සාකච්ජා සිදුකෙරුණ නමුත් ඊට ජනතා විමුක්ති පෙරමුණෙන් විශාල විරෝධයක් ඇති කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එම ආයෝජනයම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේත්,රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සමයේත් සිදුකිරීමට උත්සහ කළද එම සෑම අවස්ථාවකදීම ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වූ බව මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේය.

කෙසේ නමුත් ප්‍රමාද වී හෝ එම ආයෝජන ව්‍යාපෘතිය රටට ගෙන ඒම ගැන සතුටු වන බවද නාමල් රාජපක්ෂ මහතා පවසයි.

”ඔය ආයෝජනයම 2015ට පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව සමයේ සාකච්ජා කරන කොට දරුණු විදිහට විවේචනය කෙරුවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේත් නැවත මේ ව්‍යාපෘතිය කරන්න උත්සහ කරද්දී එතුමන්ලා කිව්වේ මේක අපි චීන කොලනියක් කරන්න යනවා කියල. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කාලේ කංචන විජේසේකර ඇමතිවරයාත් ඒ කැබිනට් පත්‍රය දැම්මා. එදා දරුණු විදිහට චීන යෝජනා විවේචනය කරපු ගරු අනුර කුමාර දිසානායක අතිගරු ජනාධිපතිතුමා අද ඒ ගිවිසුම අත්සන් කරලා තියෙනවා. පරක්කු වෙලා හරි ලංකාවේ විශාලතම ආයෝජනය ගෙන ඒම පිළිබඳව සතුටුයි.”.

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved