Connect with us

පුවත්


අනුර, ටිල්වින්, ලාල් හා වසන්ත නිසිබලධාරියාගේ නියෝග කඩලා!

Published

on

පසුගිය ඉරිදා (26) දින ජාතික ජන බලවේගය විසින් කැඳවන ලද ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයේ දී කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කළ කැස්බෑව පදිංචි දෙදරු පියකු වන අජිත් ගමගේ (46) මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

එම විරෝධතාවයට පොලිසිය විසින් එල්ල කළ ජල හා කදුළු ගෑස් ප්‍රහාරවලට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් දෙදෙනාගෙන් අනෙක් පුද්ගලයා වූ නිවිතිගල පදිංචි නිමල් අමරසිරි (60) ජිවිතක්ෂයට පත්විය.

ඔහු මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නිවිතිගල ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් අපේක්ෂයෙකු ලෙස නාමයෝජනා භාරදී සිටි අයෙකි.

ඔහුගේ අවසන් කටයුතු හෙට (01) නිවිතිගලදී සිදුකිරීමට නියමිතය.

මේ අතර, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක නිසි බලධාරියකුගේ අවසරයකින් තොරව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කර ඇතැයි කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට ඊයේ (28) දන්වා සිටියේය.

ජාතික ජන බලවේගය විසින් ඉකුත් 26 වැනිදා කොළඹදී පැවැත්වූ විරෝධතාවයේදී අධිකරණ නියෝග කඩ කරමින් නිසි බලධාරියකුගේ අවසරයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් පෙළපාළි යාම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතා විසින් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් එලෙස දැනුම් දී තිබේ.

කිසිදු අවසරයකින් තොරව එලෙස පෙළපාළි පවත්වා ඇත්තේ ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ, ලාල් කාන්ත, ටිල්වින් සිල්වා ඇතුළු පිරිසක් විසින් බවද පොලිසිය, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත දන්වා සිටියේය.

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved