ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ඇතුළු ප්‍රගතිශීලි වාමාංශික දේශපාලන පක්ෂ කිහිපයක් පොදුජන එක්සත් පෙරමුණ සමඟ සන්ධාන ගතවීම අද (14) සිදුවිය.
ඒ බත්තරමුල්ලේ පැවැත්වෙන උත්සවයකදී පුටුව ලකුණ යටතේය.
නව සන්ධානයේ නායකත්වයට පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කර තිබේ
එහි ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පත් කර තිබෙන අතර භාණ්ඩාගාරික ධුරයට රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පත් කර තිබෙන බවට වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතාට නව සන්ධානයේ අනුශාසක ධුරය හිමිව තිබේ.
නව සන්ධානයේ ජාතික සංවිධායක ධුර දෙක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සහ වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු යන මහත්වරුන් පත්කර ඇත.
තවද 21 දෙනෙකුගෙන් සමන්විත නායකත්ව මණ්ඩලයක් මෙයට ඇතුළත් වේ.