Connect with us

පුවත්

අනුලාගේ අවසන් කටයුතු අද; මිය ගොස් අත්තේ වෙිඩි වැදිලා 

Published

on

ඊශ්‍රායලයේදී මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (30) පස්වරුවේ සිදු කෙරේ.

මේ වනවිට දේහය තැන්පත් කර තිබෙන්නේ, දළුගම පිහිටි ඇයගේ නිවසේ ය.

පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසුව අනුලා රත්නායක මහත්මිය අතුරුදන්ව සිටියේ ය.

පසුව අනාවරණය වූයේ, යුධ ගැටුම් අතරතුර ඇය මිය ගිය බවයි.  

වසර 10 ක් ඊශ්‍රාලයේ සේවය කර ඇති 49 හැවිරිදි අනුලා රත්නායක මහත්මිය, දෙදරු මවකි.

මේ අතර, අනුලා රත්නායක ජයතිලක මහත්මිය වෙඩි වැදීමකින් ජිවිතක්ෂයට පත්ව ඇති බව මීගමුව දිස්ත්‍රික් මහරෝහලේදී සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී  අනාවරණය වී ඇත.

වැඩබලන මහේස්ත්‍රාත් පද්මලතා ගිනිගේ මහත්මිය ඉදිරියේ මීගමුව රෝහලේ 28 වැනිදා පැවති  මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී මරණකාරියගේ ස්වාමිපුරුෂයා කැලුම් වීරසිං සහ වැඩිමල් පුතු වන හේසව වීරසිංහ යන දෙදෙනා විසින් මෘතදේහය හදුනාගෙන ඇත. 

පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මීගමුව රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය වරයාට වැඩබලන මහේස්ත්‍රාත්තුමිය දෙන ලද නියෝගයට අනුව අධිකරණ වෛද්‍ය ඩබ්ලිව්. එස්. එම්. ප්‍රනාන්දු මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇත.

මෙම මරණය උස් ස්ථානයකින් ඇද වැටීමකින් හෝ යමක් ශරීරය මතට කඩාවැටීමෙන් සිදුවූ මරණයක් නොවන බවත්, මෘතදේහය තුළ තිබී මුනිස්සම් කැබලි කිහිපයක් සොයාගෙන ගත් බවත්, මෙම මරණය වෙඩි වැදීමකින් සිදුවී ඇති බවත්, මරණයට පෙර කිසිදු ශාරීරික වද හිංසාවකට ලක්වී නොමැති බවත්,  සිරුර තුළ තිබී සොයාගත් මුනිස්සම් රජයේ රසපරීක්ෂක වෙත යොමුකරන බවත්  අධිකරණ වෛද්‍ය වරයා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading

පුවත්

හරක් කටාට පැනයාමට උදව් කළ පොලිස් කොස්තාපල් නඩුව අවසන් වන තුරු රිමාන්ඩ්

Published

on

By

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ නමැත්තාට ඉන් පලායාමට ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසු වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ හිටපු කොස්තාපල්වරයෙකු වන රවිදු සන්ධීප නමැත්තා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් නියෝග කරන ලදී.

මෙම නඩුව අද (22) මෝසමක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවීම සිදුවිය.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත් බණ්ඩාර මහ්තා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම විත්තිකරුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග අවසන් වී ඇති බවත්, ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15(2) වගන්තිය ප්‍රකාරව, මෙම විත්තිකරු නඩුව අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටින ලදී.

එම ඉල්ලීමට විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් විරෝධය පළ කර ඇති බව  ද වාර්තා වේ.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විසින් විත්තිකරු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී.

වැඩිදුරටත් සඳහන් වෙන්නේ, මෙම නඩුව යළි ලබන 28 වැනිදා කැඳවීමට නියෝග කර ඇත බවය. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved