Connect with us

පුවත්

අපරාධ විමර්ශනයේ උන් පොලිසියේම කම්බහොරු 4ක් ගැන පරීක්ෂණ

Published

on

රෙදිපිළි මිලදී ගැනීමට ඉන්දියාවට ගොස් නැවත මෙරටට පැමිණි කාත්තාවක් ඇතුළු තිදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේ සිට ගමන් කරමින් සිටි වෑන් රථයක් පසුපස හඹාගෙන ගොස් එහි සිටි කාන්තාව ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඔවුන් සතුව තිබුණු රුපියල් ලක්ෂ 40කට ආසන්න වටිනාකමක් ඇති විදෙස් මුදල් සහ රන් භාණ්ඩ තොගයක් කොල්ලකෑ බව කියන කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

උප පොලිස් පරීක්ෂකවරයෙක්, සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරු දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන අතර, පෙරේදා (10) සිට ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන ඇත.

මෙම මංකොල්ලය ගැන පැමිණිල්ල ලැබී ඇත්තේ බස්නාහිර පළාත් උතුරු දිසා නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාටය.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඔහු කැලණිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ. ජේ. වයි. ඩී. ක්‍රිෂාන්ත මහතාට පවරා තිබේ.

ඒ අනුව කළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ පසුගිය 09 වැනිදා රාත්‍රී කාලයේදී කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු සිවුදෙනෙකුගෙන් සමන්විත නිලධාරීන් කණ්ඩායමක් පුද්ගලික වෑන් රථයකින් ගොස් මෙම අපරාධය සිදු කර ඇති බවය.

ප්‍රශ්න කිරීම් හමුවේ එම නිලධාරීන් පවසා ඇත්තේ නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට රන් භාණ්ඩ සහ විදෙස් මුදල් මෙරටට රැගෙන එන ජාවාරමක් ගැන තොරතුරක් ලැබී එය පරීක්ෂා කිරීමට කටුනායක ප්‍රදේශයට ගිය බවය.

ඒ සම්බන්ධයෙන් ඔවුන් සිය උසස් නිලධාරීන් දැනුවත් කර එම වැටලීමට කිසිදු අවසරයක් ලබාගෙන තිබී නැති බව ද විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

මෙම නිලධාරින්ගේ ඉලක්කය බවට පත්ව තිබී ඇත්තේ ඉන්දියාවේ සිට පැමිණෙන පිරිසකි.

ඒ අය වෑන් රථයක නැඟී කටුනායක සිට කොළඹ බලා ගමන් කරමින් සිටියදී එම වෑන් රථය පිටුපස පොලිස් නිලධාරීන් ගමන් කරමින් සිටි වෑන් රථය හඹා ගොස් ජා-ඇල ප්‍රදේශයේදී වෑන් රථය නතර කර ඇති බවද ඒ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලින් අනාවරණය වී ඇත.

වෑන් රථය තුළ ඒ වන විට රැඳී සිට ඇත්තේ කොළඹ 13 කදිරේෂන් වීදියේ පදිංචිකරුවෙක්, දෙහිවල පුද්ගලයෙක් සහ වාරියපොළ පදිංචි කාන්තාවක් පමණි.

ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් පවසා ඇත්තේ රෙදිපිළි රැගෙන ඒමට ඉන්දියාට ගොස් මෙරටට පැමිණ නවාතැන්පොළ වෙත යමින් සිටින බවය.

ඉන්දියාවට නිතර යන එන ඔවුන් නීති විරෝධී ජාවාරම්වල නිරතව සිටින පිරිසකි.

ඒ බව හඳුනා ගැනීමෙන් පසු පොලිස් කණ්ඩායම ඔවුන් තිදෙනාව අත්අඩංගුවට ගෙන පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ඇත.

අනතුරුව ඔවුන් සම්බන්ධයෙන් පොලිස් පොත්වල කිසිදු සටහනක් නොතබා ඔවුන් භාරයේ තිබී පොලිස් නිලධාරීන් විසින් ලබාගත් විදෙස් මුදල් සහ රන් භාණ්ඩ තොගයක් නැවත ලබා දී මුදාහැරීමට පියවර ගෙන ඇත්තේ ද කිසිදු උසස් නිලධාරියෙකුගෙන් උපදෙස් ලබා ගැනීමකින් තොරවය.

මෙදින රාත්‍රී කාලයේ මෙසේ පොලිස් භාරයෙන් නිදහස් වූ ඔවුන් පසුදින බස්නාහිර උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා හමුවී පැමිණිල්ලක් කරමින් ඔවුන් සඳහන් කර ඇත්තේ පොලිස් නිලධාරීන් විසින් තමන්ගේ කණකර ගලවාගෙන මුදු 06ක් සහ වළලු 04ක් අඩුවෙන් ලබා දුන් බවය.

ඒ හැරුණු කොට තමන් සතුව තිබුණු අමෙරිකානු ඩොලර් 3800ක මුදලක් ද පොලිස් නිලධාරීන් ලබා නොදුන් බවද ඔවුන් සිය පැමිණිල්ලෙහි සඳහන් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇත්තේ එම පැමිණිල්ල පදනම් කරගෙනය.

Continue Reading

පුවත්

හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනී

Published

on

By

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි  චෝදනා ලබා සිටින ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඔහුට දඬවම් නියම කිරීම මේ මස 24 වනදා සිදු කරන බවත් අධිකරණය නිවේදනය කළේය. 

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති ‍යළි රිමාන්ඩ් (UPDATE)

Published

on

By

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

එදිනට පෙර විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියම කළාය.


(පෙර පුවත 2025 ජුලි 01 පෙ.ව.11.30 )

ශ්‍රීලංකන් හිටපු සභාපති අධිකරණයට

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අධිවේගයේ යන සැමට ආසන පටි අනිවාර්ය වේ

Published

on

By

2025 අගෝස්තු 01 වන දින සිට අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන්ටආසන බඳපටි පැළඳීම අනිවාර්යය කර තිබේ.

මේ අතර  සැප්තැම්බර් 01 වන දින සිටඅධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ට ද ආසන බඳපටි පැළඳීම අනිවාර්යය වේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.

රිය අනතුරුවලින් විශාල ප්‍රමාණයක් ජීවිත අහිමි වන බවත් එම තත්ත්වය මඟ හැරීම සඳහා මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම අධිවේගී මාර්ගවල ධාවනය වන සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල යන අයට ද ආසන පටි පැලඳීම අනිවාර්යය වන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මේ අතර, 2011 වසරේ සිට ආසන පටි පැලඳීම අනිවාර්යය කර තිබුණ ද සැහැල්ලු වාහන සඳහා එම නීතිය තරමක් ක්‍රියාත්මක වුවත් ලොරි සහ බස්රථ එම නීතිය මඟ හැර සිටි බවත් අද (01)  සිට බස් හා ලොරි රථ රියදුරන්ට ආසන පටි පැලඳීම අනිවාර්යය වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා කියා සිටියේ, මෙය හුදෙක් නීතිය ක්‍රියාත්මක කිරීමක් නොවන අනතුරුවලින් සිදුවන හානිය අවම කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පුළුල් වැඩපිළිවෙලේ එක් කොටසක් බවය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved