Connect with us

පුවත්

අප්‍රේල් 18  ඇරඹෙන “දළදා දැක්ම”

Published

on

ශ්‍රී දළදා දැක්ම අප්‍රේල් මස 18 සිට 27 දින දක්වා පුරා දින 10ක් පැවැත්වෙන බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී දියවඩන නිලමේවරයා මේ බව ප්‍රකාශ කළේය.

ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජනපති මැඳුරේදී ඊයේ (02) පැවති දළදා දැක්මේ සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසුවේ ආගමික වතාවත් ඉෂ්ටසිද්ධ කිරීමෙන් අනතුරුව 18 දින පස්වරු 3.00ට බැතිමතුන්ට දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව ලබා දෙන බවයි.

පසුදින සිට දහවල් 12ට දළදා දැක්ම ආරම්භ කරන බවත් පස්වරු 5.30 දක්වා දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ අවස්ථාව බැතිමතුන්ට ලබා දෙන බවත් ඒ මහතා කීය. මෙසේ දළදා දැක්මක් සිදු කරනු ලබන්නේ වසර 16කට පසුය. අවසන් වරට 2009 වසරේ මාර්තු මස දළදා ප්‍රදර්ශනයක් පවත්වා තිබෙන අතර රට තුළ යුදමය වාතාවරණයක් තිබියදීත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එම අවස්ථාවේ දළදා සමිඳුන් දැක වැඳපුදා ගැනීමට මහනුවරට පැමිණියහ.

දළදා වහන්සේ නැරඹීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් සෑම දිනකම රාත්‍රී කාලයේ දන්සල් දෙකක් පවත්වන බවත් එමඟින් තිස් දහසකට ආහාර ලබා දීමට සැලසුම් කර තිබෙන බවත් දියවඩන නිලමේවරයා පැවසුවේය. මෙවර දළදා දැක්ම වෙනුවෙන් විශේෂ අවසරපත් කිසිවක් නිකුත් නොකිරීමට තීරණය කර ඇතැයි ද ඒ මහතා කීය.

ජනපති ප්‍රධානත්වයෙන් මහනුවර ජනපති මැඳුරේ පැවති සාකච්ඡාවට මල්වතු අස්ගිරි උභය මහා විහාරීය අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ සිවුනම, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, සතර මහා දේවාල බස්නායක නිලමේවරු සහ රාජ්‍ය නිලධාරීහු සහභාගි වී සිටියහ.

දළදා දැක්ම වෙනුවෙන් රජයේ මැදිහත්වීමෙන් ලබාදෙන ආරක්ෂාව, ප්‍රවාහන පහසුකම් ඇතුළු සියලු ක්ෂේත්‍ර සම්බන්ධව මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.

කැබිනට් තීරණ

පොදු ප්‍රවාහනට ළඟදීම මෙට්‍රෝ බස් 100ක්

Published

on

By

පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සුවපහසු, දියුණු තාක්ෂණයෙන් යුතු එම බස් රථ හඳුන්වා දීමට 2025 අයවැය මඟින් ද යෝජනා වුණි.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව, මාකුඹුර, කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා මෙම පහත් පිවිසුම් සහිත බස් රථ එක්වෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ යෝජනාව සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

ඊයේ (ජූනි 02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :


(පෙර පුවත 2025 ජූනි ප.ව.12.49 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved