Connect with us

පුවත්

අපිට ඉලක්කයක් තියනවා. හැබැයි එතනට බෙදිලා යන්න බෑ – මනුෂ  

Published

on

තමා ඇතුළු පිරිසක් ජනාධිපතිවරයාට සහය දීමට පෙරට පැමිණියේ මෙරට ජනතාව වෙනුවෙන් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කියයි.

මීට දෙවසරකට පෙර රට මුහුණ දුන් අභියෝගය භාර ගැනීමට සියලුදෙනා පසුබට වන විටදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් නොබියව එම අභියෝගයට මුහණ දුන් බවත් ඔහු කියා සිටී.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ ඊයේ (01) සංවිධානය කළ ජයගමු ශ්‍රී ලංකා ජංගම සේවාව වැඩසටහනට සමගාමීව පැවති ශ්‍රම වාසනා අරමුදල මගින් සංවිධානය කළ පාසැල් උපකරණ බෙදාදීමේ උත්සවයකට එක් වෙමිනි.

එසේම, ඉන්ධන, ගෑස්, ඖෂධ, කිරිපිටි නොමැතිව ජාතියම පෝළිම්වල පසුවූ යුගය නිමාකරන්නට වත්මන් රජයට හැකිවු බවත්, එහි ගෞරවය මෙරට ශ්‍රම බලකායට ලබාදීමට තමා දෙවරක් නොසිතන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

වැඩි දුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය; ”අපිට ඕනි මේ රට මේ විදියටම ඉස්සරහට ගෙනිහින් මිනිස්සු ටික දිනවන්න. මේ අම්මල තාත්තලට කියන්නේ මේ දරුවෝ ටික හොඳින් බලාගන්න. ඔබට වඩා හොඳ කාලයක් දරුවන්ට උදාකර දෙන්න අපි කටයුතු කරනවා. ඉදිරියේ දී මේ රටේ ලොකු පෙරළියක් කරන්න අපි සලසුම් කරලා තියනවා. මේ වන විටත් ඒ වැඩ ටික සිද්ද වෙනවා. එදාට වඩා හොඳ වෙනසක් රටේ වෙන බව ඔබටත් පේනවා ඇති. අපිට ඉලක්කයක් තියනවා. එතනට නිකං යන්න බෑ. අපි රටක් හැටියට එක්විය යුතුයි. අපිට පක්ෂ, පාට අවශ්‍ය නෑ. අපිට අවශ්‍ය මේ රටේ ඉන්න මිනිස්සු දිනවන්නයි. ශ්‍රම වාසනා අරමුදල තියෙන්නෙ ශ්‍රමිකයන්ගේ දරුවන්ටයි. මේ අර මුදලින් වෙනදාට ඡන්ද ගන්න ටකරන් තහඩු, වැසිකිළි කටවල් බෙදලා තියනවා. එහෙම ඉතිහසයක් අපි වෙනස් කරලා තියනවා. ඒ කියන්නේ අපි සිස්ටම් එක චේන්ජ් කරන්න පටන් අරන් තියනවා. අද මේ අරමුදල් වෙන්වන්නේ ශ්‍රමික ඔබේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්. තරුණ තරුණියන්ට අපි වෘත්තීය පුහුණුවක් ලබාදෙනවා. ජනාධිපතිතුමා ඒ වැඩ ටික සේරම කරන්නේ මේ දරුවෝ ටික ගොඩනගන්න අවශ්‍ය නිසයි. මේ ගමන අපි ඉස්සරහට එකට අත්වැල් බැඳගෙන යමු කියලා මේ අම්මල තාත්තලාට මම ආරාධනා කරනවා”.

එම අවස්ථාවට සහභාගීවූ අමාත්‍යවරයා පාසැල් දරුවන් සමග පැයකට ආසන්න කාලයක් ගත කිරීමට ද කටයුතු කළේය.

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved