Connect with us

පුවත්

“අපි අධිකරණ ක්‍රියාමාර්ගවලට යනවා” (වීඩියෝ)

Published

on

ආන්දෝලනයට ලක්ව ඇති කන්ටේනර් 323 පිළිබද තොරතුරු ලබා ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවන බව සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ආණ්ඩුව මෙම බහලුම් හා ඒවායේ තිබූ භාණ්ඩ පිළිබඳ තොරතුරු ලබා දීම සම්පූර්ණයෙන් නතර කර ඇතැයි පැවැසු මන්ත්‍රීවරයා කන්ටේනර් නිදහස් කිරීමට අදාළ සියලු තොරතුරු ඇතුලු රේගු සටහන්කරය අධිකරණය මාර්ගයෙන් ලබා ගන්නා බව ද සඳහන් කලේය.

කන්ටේනර් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමෙන් දැවැන්ත හොරකමක් සිදුව ඇතැයි පැවැසු දයාසිරි මහතා මෙම කන්ටේනර්වලට හා ඒවායේ බහා තිබූ භාණ්ඩවලට සිදුවූ දේවල් පිළිබඳව කිසිවෙකු නොදන්නා බව පැවසුවේය

මාධ්‍ය වෙත අදහස් දක්වමින් තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“කන්ටේනර් 373 හිදහස් කිරීමෙන් වත්මන් ආණ්ඩුව යටතේ සිදු වූ විශාලම වංචාව සිදුවෙලා, රේගු අධ්‍යක්ෂ ජනරාල් නිකුත් කළ ලිපියක මේ පිළිබඳව පැහැදිලිව තිබෙනවා.

බහාලුම් තදබදයට පිළියම් සෙවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත්තළ කමිටුව මගින් ජනාධිපතිවරයා සහ කමිටු සභාපති ප්‍රවාහන, මහා මාර්ග, සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්ව බහාලුම් නිෂ්කාශන කඩිනම් කිරීමට මේ බහලුම් 323 පරීක්ෂාවකින් තොරව නිදහස් කරන ලෙසට දැනුම් දුන් බව එහි දැක්වෙනවා.

මේ සම්බන්ධව විනිවිද පදනම් රේගු දෙපාර්තමේන්තුවෙන් කන්ටේනර් 323 රේගු සටහන්කරයේ පිටපත් ඉල්ලා සිටියා. නමුත් තව ම තොරතුරු ලබා දී නැහැ. කන්ටේනර් නිදහස් කීමේදී රේගු බදු පැහැර හැරීම පිළිබඳව සෙවීමට, හොර බදු ඇල්ලීමට, කන්ටේනර් කඩා විවෘත කර බැලීමට, බදු එළියට ගිය විට පරීක්ෂණ කර සොයා බැලීමට රේගුවට අංශ 7ක් පමණ තියෙනවා. කන්ටේනර් 323 නිදහස් කිරීමේදී සොයා බැලීමට මේ අයට බලය දෙන්න තිබුණත් බිමල් රත්නායක ඇමතිවරයා දුන්නු නියෝගය කිසිවිටෙක එය සඳහන් කර නෑ, ඒ නිසා මේ කන්ටේනර් 323 ගියා ගියාමයි වෙච්චි දෙයක් නෑ.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ රේගු සටහන්කරය අපට අවශ්‍යයි.

රේගු සටහන්කරය ඉල්ලූ විට ශ්‍රී ලංකා රේගුව තොරතුරු දැන ගැනීමේ පනතේ 5/ආ/ 01 වගන්තිය අනුව පෞද්ගලිකත්වය මේකෙන් එළියට එන බව සටහන් කර තිබෙනවා. අපිට උවමනා කර තිබෙන්නේ ඒකම තමයි.

මේක ගෙනාපු පුද්ගලයා කවුද? මොවුන් මේ භාණ්ඩ යැව්වේ කොහොට ද? මේවායේ තිබුණේ මොනවාද? යැව්වේ මොනවාද? මේවා ලංකාවේ ගොඩ බා තිබෙනවාද? ඒවා ලංකාවේ පාවිච්චියට ගත්තාද කියා සෙවිය හැක්කේ රේගු සටහන්කරයෙන්.

මේ ආණ්ඩුව රේගු සටහන්කරය දෙන්නැතිව මේක වහලා තියෙන්නේ. මේ කන්ටේනර් 323 දැවැන්ත හොරකමක්. මේ හොරකමට අවශ්‍ය කරන අනුමැතිය දුන්නේ බිමල් රත්නායක.

රුපියල් ලක්ෂ පහට දයාසිරි ජයසේකරට වංචාකරුවෙක් කියනව නම් බිමල් රත්නායක මේ කන්ටේනර් 323න් දැවැන්ත අපරාධකරුවෙක් බවට පත්වෙනවා.

මේ ආණ්ඩුව හැමදාම තියෙන් නෑ. මේ ආණ්ඩුව ඉවරවෙලා එන පළමුවන මොහොතේ මේ කන්ටේනර් 323 ගැන අපි අනිවාර්යෙන් හොයන බව මන්ත්‍රීවරු, ඇමතිවරු සහ මේවාට උදව් කරන රාජ්‍ය නිලධාරීන් මතක තබාගත යුතු යි.”

වීඩියෝ – NewsCenter.lk

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved