Connect with us

පුවත්

අපි හැමෝම අනුරට සහය දෙන්න ඕන

Published

on

ජනාධිපතිවරණයෙන් ලද ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

වජිර මහතා පවසා සිටියේ රනිල්ගේ වැඩ සටහනට වඩා අනුරගේ වැඩසටහන ගැන ජනතාව විශ්වාසය තබා තිබෙන බවය.

නැවත පෝලිම් යුගයක් ඇති නොවන පරිදි කටයුතු කිරීමට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කටයුතු කළ යුතුව ඇති බව ඔහු තවදුරටත් පවසා සිටියේය.

“රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ඔහුට ඡන්දය දුන් සැමට සිය ස්තුතිය පළ කර තිබෙනවා. ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විවිධ දේශපාලන මත දරන කණ්ඩායම් සිය ඡන්දය භාවිත කළා.වර්තමානයේ 42%ක ජන වරමක් ලබා දෙමින් අනුර කුමාර දිසානායක වර්තමාන ජනාධිපතිවරයාට ශ්‍රී ලාංකික මහජනතාව විසින් විශාල වගකීමක් පවරා තිබෙනවා. එම වගකීම ක්‍රියාත්මක කිරීම සඳහා යම් කාල සීමාවක් ලබාදිය යුතුව තිබෙනවා. ඉදිරියේ දී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන කණ්ඩායමට සියලු දේශපාලන පක්ෂ ලබා සහයෝගය දිය යුතුව තිබෙනවා” යි මන්ත්‍රීවරයා සඳහන් කරනවා”

පුවත්

පාස්පෝට් පෝලිම අදත්

Published

on

By

දැනට ලැබී ඇති විදෙස් ගමන් බලපත්‍ර තොගය සඳහා ටෝකන් නිකුත් කිරීම ඉදිරියේදී මාර්ගගත ක්‍රමවේදයකට අනුව සිදුකරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අමාත්‍ය විජිත හේරත් මහතා කඩවත පැවති උත්සවයකින් පසුව මාධ්‍යයට අදහස් පළ කරමින් සඳහන් කර සිටියේ, හදිසි අවශ්‍යතාවයකට හැර නොවැම්බර් මාසය තුළ පාස්පෝට් ගැනීමට නොපැමිණෙන ලෙසය.

කෙසේ වෙතත්, අදත් බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටියහ.

ඇණවුම් කර ඇති විදෙස් ගමන් බලපත්‍ර සීමාසහිතව නිකුත් කෙරෙන බැවින් අත්‍යවශ්‍යම කටයුතු වෙනුවෙන් පමණක් ප්‍රමුඛතාව දී ගමන් බලපත්‍ර ගැනීමට පැමිණෙන්නැයි රජය පසුගිය ඔක්තෝබර් 29 වැනිදා ජනතාවගෙන් ඉල්ලීමක් කලේය.

එහෙත්, අද දිනයේත් බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට දිගු පෝලිම්වල ජනතාව රැඳී සිටිනු දක්නට ලැබුණි.

ඔහු කියා සිටියේ, දැනට ලැබී ඇති විදෙස් ගමන් බලපත්‍ර තොගය සඳහා ටෝකන් නිකුත් කිරීම ඉදිරියේදී මාර්ගගත ක්‍රමවේදයකට අනුව සිදුකරන බවය.

Continue Reading

පුවත්

සජබ අපේක්ෂයෙකුට පොල්ලකින් ගහයි

Published

on

By

සමගි ජන බලවේගය මොණරාගල දිස්ත්‍රික් අපේක්ෂකවරයකු රැස්වීමක් ඇමතීම සඳහා ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී දඹගල්ල බුසලේ ප්‍රදේශයේදී නාදුනන පුද්ගලයෙකු විසින් රියදුරුගේ මුහුණට මිරිස් කුඩු ගසා ජීප් රථයේ සිටි අපේක්ෂකවරයාට පොල්ලකින් පහර දී ඇතැයි දඹගල්ල පොලිසිය පවසයි.

පහර කෑමට ලක් වූ අපේක්ෂකවරයා සහ රියදුරු මොණරාගල කිරිගල රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් තරඟ වදින නීතිඥ ඉන්දික විජය බණ්ඩාර අත්තනායක මහතාය.

පාර්ලිමේන්තු අපේක්ෂකවරයා ඡන්ද ප්‍රචාරක රැස්වීමක් සඳහා සහභාගි වීමට ඔහුගේ රියදුරු සමඟ ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී දඹගල්ල බුසල ප්‍රදේශයේ පිහිටි මාර්ග බාධක ගැට්ටක් ආසන්නයේ දී ජීප් රථයේ වේගය අඩුකර තිබේ.

එම අවස්ථාවේ දී අසල සිටි නාඳුනන පුද්ගලයකු රියදුරුගේ මුහුණට මිරිස් කුඩු ගසා එම සැකකරු විසින් ජීප් රථයේ සිටි පාර්ලිමේන්තු අපේක්ෂකවරයාට පොල්ලකින් පහර දී පලා ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වු බව පොලිසිය පවසයි.

අනතුරුව ප්‍රහාරයට ලක් වූ අපේක්ෂකවරයා සහ ඔහුගේ රියදුරු මොනරාගල කිරිගල රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

ඩයනාට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයි

Published

on

By

ජාතික හැදුනුම්පත සකස් කිරීම සදහා කූඨ ලේඛන ඉදිරිපත් කරමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජනරාල්වරයා ඇතුලු නිලධාරීන් රැවටීම ඇතුලු චෝදනා 03ක් යටතේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන වසරේ ජනවාරි 09 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කලේය.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ අද (04) එම නඩුව කැදවන ලදී.

එම අවස්ථාවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අධිකරණය හමුවේ පෙනී සිට තිබුණි.

මෙම නඩුවට අදාළ නඩු භාණ්ඩ ආරක්ෂා සහිතව සේප්පුවේ තැන්පත් කර තබන ලෙස එහිදී විනිසුරුවරයා නඩු භාණ්ඩ භාරකරුට නියෝග කර තිබේ.

එමෙන්ම, සාක්ෂි ලබා දීම සදහා 01, 04 සහ 12 යන පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමටද එහිදී විනිසුරුවරයා නියෝග කරනු ලැබීය.

2004 ඔක්තෝම්බර් මස 09 වනදා සහ 2004 දෙසැම්බර් මස 01 වනදා යන කාල සිමාව අතරතුරදී ශ්‍රී ලාංකීය පුරවැසියකු නොවන බව දැන්වීමට හා සිය නම ඩයනා ගමගේ ලෙස නීත්‍යානුතකූලව සංශෝධනය කර නොතිබියදී එම නමින් ජාතික හැදුනුම්පත ලබා ගැනීමට කූඨ ලේඛන ඉදිරිපත් කිරීම, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජනරාල්වරයා ඇතුලු නිලධාරීන් රැවටීම ඇතුලු චෝදනා 03ක් යටතේ මෙම නඩුව පවරා ඇත.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved