Connect with us

පුවත්

අපි EPF පනතට සංශෝධන ගේනවා – හර්ෂ (වීඩියෝ)

Published

on

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට හිමිවිය යුතු ප්‍රතිලාභ සුරැකීම සඳහා ටී.බී. ඉලංගරත්න මහතා 1958 දී හඳුන්වාදුන් සේවක අර්ථසාධක අරමුදල් පනතට සමගි ජන බලවේගය විසින් ඉදිරියේදී සංශෝධන ගෙන ඒමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. 

ඊයේ දින (12) ඔහු කොළඹදී මාධ්‍ය අමතමින් සඳහන් කළේ සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව මගින් මෙම සංශෝධන ඉදිරිපත් කරන බවත් එහිදී සාමාජිකයින්ට නිශ්චිත අවම ප්‍රතිලාභයක් තීරණය කිරීම හෝ අනිකුත් ආයෝජන සඳහා ලැබෙන පොලී ආදායමට සමාන පොලී ප්‍රතිලාභයක් ගෙවීම හෝ ධන මූර්ත පොලියක් ගෙවීම සඳහා මෙම සංශෝධන යෝජනා මගින් මග පෙන්වන බවයි.  

“මේ වනවිට මේ අරමුදලේ ගිණුම් ලක්ෂ 196 ක් තියනවා. මෙයින් ලක්ෂ 26 ක් විතර සක්‍රීයයි. මොවුන්ට ලැබෙන ප්‍රතිලාභය ඉදිරි 15 වසර තුළ ස්ථීර විය යුතුයි. ඒකයි, අපි මේ සංශෝධන ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ.” යනුවෙන් මෙහිදී මන්ත්‍රීවරයා පැවසීය. 

පසුගියදා සිදුකළ දේශීය ණය ප්‍රශස්තකරණයේදී ඒක පාර්ශවීය ලෙස සේවක අර්ථසාධක අරමුදල මත පමණක් බර පටවා තිබෙන බවටත් මෙය සාධාරණත්වයේ මූලධර්ම උල්ලංඝනය කරන බවටත් මේ වනවිට චෝදනා එල්ල වී තිබේ.

පුවත්

විශේෂ නියෝජිත පිරිසක් හා විපක්ෂනායක අතර හමුවක්

Published

on

By

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් පසුගියදා (12 )  පැවැත්විණි.

මේ හමුව සඳහා IAPP හි ආසියා පැසිෆික් සභාපති ගරු Ek Nath Dhakal මහතා සහ UPF (UN/ECOSOC) හි සභාපති ආචාර්ය Chang Shik Yang මහතා සහභාගී වී ඇත.

මෙහි දී අප රටේත් කලාපයේත් ආර්ථික, දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීම සිදුව තිබේ.

මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා ද එක්ව ඇත.

Continue Reading

පුවත්

“මේක ඉවසන්න ඕන වෙලාවක්”

Published

on

By

වත්මන් රජය ක්ෂණික වෙනස්කම්වලට නොගොස් ක්‍රමානුකූලව වෙනස්කම්වලට යන්නේ රටේ ආර්ථිකයත්,ලෝක ආර්ථිකයත් පිළිබඳ පවතින අවබෝධය නිසා යැයි හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ මොහොතේ ඉවසීමෙන් කටයුතු කළයුතුව ඇති බවය.

”අපි ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. ලෝක ආර්ථිකයත් රටේ ආර්ථිකයත් අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා තමයි වර්තමාන පාලනයත් ක්ෂණික වෙනස්කම් වලට යන්නේ නැතුව යම්කිසි ආකාරයක ක්‍රමානුකූලව වෙනස්කමක් කරන්නේ. අවුරුදු දෙකකට කලින් බංකොලොත් වෙච්ච තැන ඉඳල අද එතැනින් එළියට එන තැනට අපි ගොඩදාලා දුන්නා. එතනින් එහාට මේක නිරුපද්‍රිතව පවත්වාගෙන යාමට අලුත් කණ්ඩායමකට රටේ ජනතාව බලය දීලා තියෙනවා. ඒ අයගේ යුතුකම,වගකීම තමයි එය පවත්වාගෙන යාම. එයාලගේ ප්‍රතිපත්ති තියෙනවා. ඒවත් එක්ක ගළපගන්න ඕනේ.” 

Continue Reading

පුවත්

අද දවසේ ප්‍රදේශ කිහිපයකට  තද වැසි

Published

on

By

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන්ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved