Connect with us

පුවත්

අපේක්ෂකයො ගොඩයි. ප්‍රතිපත්ති දෙකයි

Published

on

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 39 දෙනෙකු ඉදිරිපත්ව සිටියත් ප්‍රතිපත්ති ඇත්තේ දෙකක් පමණක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා පවසයි.

IMF සහ ඉන්දියානු ගැති ප්‍රතිපත්තිය එක් ප්‍රතිපත්තියක් බවත් අනෙක් ප්‍රතිපත්තිය ජනතාවට වඩා සාර්ථක දේශපාලන ආර්ථික ස්ථාවරත්වයක් ලබාගැනීම සඳහා නුවන් බෝපගේ මහතා නියෝජනය කරන ප්‍රතිපත්තිය බවත් කුමාර් ගුණරත්නම් මහතා තවදුරටත් පවසා සිටියේය.

ඊයේ (18) යාපනය මාධ්‍ය සමාජයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කුමාර ගුණරත්නම් මහතා මේ බව පැවසීය.

“මේ IMF වැඩපිළිවෙලයි ඉන්දියාවේ සහයෝගයයි සියල්ල එක්ක රනිල් වික්‍රමසිංහ මේක කරගෙන ගියේ සාමාන්‍ය පොදු ජනතාව මත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින්. මොහු අනුගමනය කරන ආර්ථික දේශපාලන ප්‍රතිපත්තිම අනුගමනය කරන්න සපත කරමින් තමයි සජිත් ප්‍රේමදාස අද වෙනකොට ජනාධිපති තරගෙට ඇවිල්ලා තියෙන්නෙ. ඒ වගේම තමයි ජාතික ජන බලවේගය, අද වෙනකොට අනුර කුමාර දිසානායකලා අරගොල්ලො පරණයි, ඒ සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට වෙනස් නිසා අපට ඡන්දෙ දෙන්න කියලා කියද්දී ඔවුනුත් කියන්නෙ මේ IMF වැඩසටහනේ ඉස්සරහට යනවා, වැල් පාලමේ ඉස්සරහාට යනවා කියලා. ඒක තමයි ඔවුන්ගේ ප්‍රතිඥාව. අපේක්ෂකයො ගොඩක් හිටියාට ප්‍රතිපත්ති දෙකයි. එකක් IMF සහ ඉන්දියානු ගැති ප්‍රතිපත්ති. අනිත් පැත්තෙන් ජනතාවට වඩා සාර්ථක දේශපාලන ආර්ථික ස්ථාවරත්වයක් ලබාගැනීම සඳහා නුවන් බෝපගේ සහෝදරයා නියෝජනය කරන ප්‍රතිපත්ති, ජනතාව දිනවන ප්‍රතිපත්ති”

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved