Connect with us

පුවත්

අභියෝග රැසක් මැද ආචාර්ය හර්ෂ ද සිල්වා   VFS වීසා අවුලේ වාර්තාව ඉදිරිපත් කරයි. නිර්දේශ මෙන්න. ( වීඩියෝ )

Published

on

ශ්‍රී ලංකා ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සහ ආයතන සමූහය අතර මාර්ගගත ආකාරයෙන් වීසා සහ විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ සේවා බැහැරින් ලබාගැනීම පිළිබඳ මුදල් කාරක සභාවේ වාර්තාව අද (12) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ අභියෝග රැසක් මැද මෙම වාර්තාව ඉදිරිපත් කරන බවයි.

තමාගේ විරෝධය මැද පාර්ලිමේන්තු මහ ලේකම්වරිය මෙම කාරක සභාවට කැඳවූ බවත් තමාව සමහරුන් දැඩි ලෙස සමච්චලයට ලක්කළ බවත් හෙතෙම මෙහිදී අනාවරණය කළේය.  

මෙහි ආයතන සමූහය ලෙස හඳුන්වන්නේ වීසා අයදුම්පත් මාර්ගගත ආකාරයෙන් ඉදිරිපත් කිරීමේ බලයලත් නියෝජිතායතනය ලෙස ජී.බී.එස්. ටෙක්නොලොජි සර්විසස් හා අයි.වී.එස්.  ග්ලෝබල් – එෆ්.ඉසෙඩ්.සී.ඕ. සමාගම් සහ තාක්ෂණික සහකරු ලෙස වී.එෆ්. වර්ල්ඩ්වයිඩ් හෝල්ඩින්ග්ස් සීමාසහිත සමාගමයි.  

මෙම ආයතන සමූහය සඳහා සේවාවන් ලබාගැනීමේදී තරගකාරී ලංසු තැබීමේ ක්‍රියාවලියක් නොතිබීම ආගමන විගමන දෙපාර්තමේන්තුවට මුදල් සඳහා හොඳම වටිනාකම ලබාගැනීම සඳහා බාධාවක් වූ බව මුදල් කාරක සභාවේ මතය වී ති⁣බේ. මේ අනුව, ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ හඳුනාගත් සැලකිය යුතු කරුණු වලට අමතරව නොවිසඳී පැවතුණු ප්‍රධාන ගැටලු කිහිපයක් පවතී.

01. නොපැහැදිලි ගාස්තු ව්‍යුහය: සේවා ගාස්තුවල විෂමතා සහ පහසුකම් ගාස්තු තිබීම ඇතුළු ගාස්තු සංචරක විනිවිදභාවයෙන් තොරය.

02. දත්ත අනාවරණය කිරීම සහ අවසන් කිරීම: අවසන් කිරීමේ වගන්තියක් අවුලුවාලීමේ හැකියාව ඇති දත්ත කඩ කිරීමක පැවැත්ම තවදුරටත් විමර්ශනය කිරීම අවශ්‍ය වේ.

03. ගැටුම් සහගත සුවි⁣ශේෂත්වය: අදාළ සමාගම් වෙත ලබාදී ඇති විශේෂත්වය පවතින සේවා සැපයුම්කරුවන්ගේ අඛණ්ඩ පැවැත්මට පටහැනි වේ.

04. ආයෝජනය නොකළ අරමුදල්: ඇමරිකානු ඩොලර් මිලියන 200 ක  වාර්තාගත ප්‍රතිපාදන තවමත් ආයෝජනය නොකළ සහ පැහැදිලි කළ නොහැකි මට්ටමක පවතී. මේ අනුව, මුදල් කාරක සභාව පහත නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

5.1   විගණකාධිපතිවරයා විසින් මෙම වාර්තාවේ දක්වා ඇති දත්ත උපයෝගී කර ගනිමින් සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ පුළුල් වෝහාරික විගණනයක් සිදු කරන ලෙස කමිටුව නිර්දේශ කරයි. 2024 ජුනි මස 04 වන දින පැවති රජයේ මුදල් පිළි කාරක සභා (COPF) රැස්වීමේදී අනාවරණය වුයේ විගණකාධිපතිවරයා විසින් දැනටමත් එවැනි විගණනයක් ආරම්භ කර ඇති බවයි. මෙම විගණනය කඩිනමින් අවසන් කරන ලෙස කාරක සභාව විසින් ඉල්ලා සිටින ලදී.

සොයාගත් කරුණු අවශ්‍ය ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පදනම ලෙස සැළකිය යුතුය. එවැනි ක්‍රියාමාර්ග වලට සමාගම් සමඟ ඇති බාහිර සේවා ගිවිසුම අවලංගු කිරීම හෝ ඒ තුළ නිශ්චිත වගන්ති සංශෝධනය කිරීම ඇතුළත් විය හැක.

5.2 KPMG වාර්තාව (මෙම වාර්තාවේ 3.5.5 වගන්තිය අනුව) සමාලෝචනය කරන ලෙසත්, ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර ක්‍රමය හරහා ලබා ගන්නා වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලිය හරහා හසුරුවන සියලුම දත්ත වල පූර්ණ ආරක්ෂාව සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා කඩිනම් හා තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් කාරක සභාව විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා දත්ත ආරක්ෂණ අධිකාරිය වෙත නිර්දේශ කරයි.

පුවත්

බංග්ලාදේශ මාධ්‍යවේදීන්ට සංචාරක විසා දුන්නේ සංචාරක ගොඩ වැඩි කරන්නද?

Published

on

By

බංග්ලාදේශ ක්‍රිකට් පිලේ දැන් පැවැත්වෙන තරග සංචාරය වාර්තා කිරීමට මෙරට පැමිණ සිටින මාධ්‍යවේදීන්ට සංචාරක වීසා නිකුත් කිරීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වේ.

තරගාවලිය අවසන් වීමට පෙර වීසා කාලය අවසන් වීමෙන් බොහෝ මාධ්‍යවේදීන්ට විස්සයි20 තරගාවලිය ආවරණය කළ නොහැකි තත්වයක් ඇති වී තිබෙන බවත් බොහෝ මාධ්‍යවේදීන්ට දින 14 සහ දින 21 සංචාරක වීසා නිකුත් කර ඇති බවත් ඔවුහු පවසති.

මෙවැනි තරගාලියක් සඳහා වීසා නිකුත් කිරීමේදී වෙනත් රටවල් තරගාවලිය පැවැත්වෙන කාලය අනුව වීසා නිකුත් නිකුත් කළ ද ශ්‍රී ලංකාව ඒ පිළිබඳව අවදානය යොමුකර නොමැති බව කියන බංග්ලාදේශ මාධ්‍යවේදීහූ ඒ හේතුවෙන් වීසා දීර්ඝ කරගැනීමට නැවත කාලය ගතකිරීමට සිදුව ඇති බව ද පවසති.

මේ අතර, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතට පවසා ඇත්තේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුව බංග්ලාදේශ මාධ්‍යවේදීන්ට වීසා නිකුත් කළ බවත් වීසා කාලය අවසන් වී සතියක් ගතවීමට පෙර දඩ මුදල් ගෙවීමකින් තොරව වීසා දීර්ඝ කරගත හැකි 

බංග්ලාදේශ මාධ්‍යවේදීන් කීපදෙනෙක් වීසා දීර්ඝ කරගැනීමට එම දෙපාර්තමේන්තුවට අද දිනයේ පැමිණි බව ද මහේෂ් කරුණාදාස මහතා වැඩි දුරටත් කීය. 

බංග්ලාදේශ මාධ්‍යවේදීන් 40 ක් පමණ මෙම තරගාවලියට වාර්තා කිරීමට පැමිණ සිටිති.

මාසයක පමණ කාලයක් පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය පසුගිය ජූනි මස 17 වැනිදා ආරම්භ වූ අතර අවසන් විස්සයි20 තරගය ලබන 16 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත.  

මාධ්‍යවේදීන්ට මෙසේ සංචාරක වීසා ලබාදී ඇත්තේ ලංකාවට පැමිණි සංචාරක ප්‍රමාණයේ ඉලක්කම් වර්ධනයට බවට ද මේවන විට ආගමන විගමන දෙපාර්තමේන්තුවට චෝදනාවක් එල්ලවී ඇතැයි පැවසේ.

Continue Reading

පුවත්

කහවත්ත පොලිස් ස්ථානාධිපති යාපනයට මාරුකරයි

Published

on

By

කහවත්ත යාඉන්න ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන කටයුතුවලට අදාළව කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාශයට මාරුකර තිබේ.

ඉකුත් ජුනි 30දා අදාග තරුණයා වෙඩිතැබීමකින් ඝාතනය ලක්වූ අතර, සිද්ධියෙන් තවත් තරුණයෙකු බරපතල තුවාල සහිතව රෝහල්ගත කෙරුණි.

Continue Reading

පුවත්

රනිල්, ඊලොන් මස්ක්ට ස්තූති කරයි

Published

on

By

‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සියලුම ශ්‍රී ලාංකිකයන්ට ලබාදීම ගැන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක්ට සිය කෘතඥතාව පළ කර තිබේ. 

නිවේදනයක් නිකුත්කරමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, නුදුරු දිනකදීම තමන් ඊලොන් මස්ක් හමුවීමේ බලාපොරොත්තුවෙන් සිටින බවය.

එම හමුවේදී මෙරට ඩිජිටල් ක්ෂේත්‍රය සඳහා ඇති තවත් අවස්ථා ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන බව එම නිවේදනයේ දැක්වේ.

රනිල් වික්‍රමසිංහ මහතා 2024 වසරේ ඉන්දුනීසියාවේ බාලි හිදී පැවති 10වන ‘ලෝක ජල සමුළුවට’ සහභාගි වූ අවස්ථාවේදී ඊලොන් මස්ක් හමුවිය.

එය ‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවට ලැබීමේ ක්‍රියාවලියේ ආරම්භය වේ.

ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් ඔහුගේ ‘X’ ගිණුමෙහි සටහනත් තබමින් පවසා සිටියේ, ‘Starlink’ අන්තර්ජාල සේවාව මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved