Connect with us

පුවත්

අමාත්‍යංශ 10කට අලුතින් ලේකම්වරු පත්කරයි

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට සුළු මොහොතකට පෙර අමාත්‍යාංශ 10ක් සඳහා නව අමාත්‍යාංශ ලේකම්වරුන් දසදෙනෙකු සහ පළාත් 02ක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර ඇති අතර මෙම පත්වීම් 2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වේ.

නව පත්වීම් මෙසේය :

අමාත්‍යංශ ලේකම්වරුන් :

  • ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් – ඒ. සී. මොහොමඩ් නෆීල් මහතා
  • රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පලන අමාත්‍යාංශ ලේකම් – ඩබ්. පී. පී. යසරත්න මහතා
  • වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් – සමන් දර්ශන පාඬිකෝරාල මහතා
  • අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් – වසන්තා පෙරේරා මහත්මිය 
  • අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් – එන්. එම්. රණසිංහ මහතා 
  • වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් – ගුණදාස සමරසිංහ මහතා
  • පරිසර අමාත්‍යාංශයේ ලේකම් – බී. කේ. පී. චන්ද්‍රකීර්ති 
  • විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් – ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා 
  • ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් – ඉංජි. රංජිත් රූබසිංහ මහතා
  • තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් –  ධර්මශ්‍රී කුමාරතුංග මහතා

ප්‍රධාන ලේකම්වරුන් :

  • උතුරු මැද පළාත –  ආර්. එම්. ඩබ්. එස්. සමරදිවාකර මහතා 
  • බස්නාහිර පළාත – එස්. එල්. ඩී. කේ. විජයසිංහ මහත්මිය

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved