Connect with us

පුවත්

අරක්කු කාල 100කින් බස්සන්නැයි කොමසාරිස් ඉල්ලයි!

Published

on

මත්පැන් කාල බෝතලයක මිල රුපියල් සියයකින් අඩු කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි මත්පැන් නිෂ්පාදකයන්ගෙන් ඊයේ (01) ඉල්ලීමක් කර ඇත. 

ඒ මත්පැන් නිෂ්පාදකයන් සමග සුරාබදු දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවැති විශේෂ රැස්වීමකදීය.

මෙහිදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දී ඇත්තේ මත්පැන් මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයන් නීතිවිරෝධී මත්පැන් භාවිතයට පෙළඹීම වැඩිවී ඇති බවත්,  එය වළක්වා ගැනීමට මත්පැන් මිල අඩු කරන ලෙසය.

මේ වනවිට එතනෝල් ලීටරයක මිල රුපියල් හයසියයත් හත්සියයත් අතර මිලකට අඩුවී තිබීම නිසා මත්පැන් මිල අඩු කිරීමේ හැකියාවක් ඇති බවද ඔහු පෙන්වා දී ඇත.

තවද මිල ඉහළ යාම නිසා මත්පැන් අලවිය සියයට හතලිහකින් අඩුවී ඇති බවද මෙහිදී අවධාරණය විණි.

එහිදී මත්පැන් නිෂ්පාදකයන් පෙන්වා දී ඇත්තේ සුරාබදු සහ මත්පැන් නිෂ්පාදන අමුද්‍රව්‍යවලට පනවා ඇති බදු නිසා මිල අඩු කිරීමට නොහැකි බවය.

කෙසේවුවද, දිවයින පුරා දෛනිකව සිදුවන මත්පැන් අලෙවියෙන් සියයට පනහක්ම අලෙවි වන්නේ කාලේ බෝතල්ය.

පුවත්

මහනුවර – මහියංගනය මාර්ගය යළිත් තාවකාලිකව වසා දමයි

Published

on

By

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර – මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මහනුවර – මහියංගනය මාර්ගය කහටගොල්ල ප්‍රදේශයෙන් මෙලෙස තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බවය.

ඒ අනුව, අද (22) පස්වරු 06 සිට හෙට (23) පෙරවරු 06දක්වා කාලය තුල මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගය, මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් වසා දැමීමට කටයුතු කර ඇත.

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග කහටගොල්ල ප්‍රදේශයෙන් පස් කඳු හා ගල් කඩා වැටීමේ අවධානම් තත්ත්වයක් පවතින බැවින් එය මෙම මාර්ගයේ රාත්‍රී කාලයේ ගමන් ගන්නා වාහන හා පුද්ගලයින් හට බරපතල අනතුරු ගෙන දිය හැකිය.

එබැවින් ඒ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

ඒ අනුව විකල්ප මාර්ග ලෙස,

මහනුවර දෙස සිට මහියංගනය දෙසට ධාවනය වන බර වාහන තැන්නේකුඹුර හන්දියෙන් රජ මාවත දෙසට හා මහියංගනය දෙස සිට මහනුවර දෙසට ධාවනය වන බර වාහන හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රන්දෙනිගල මාර්ගය දෙසටත් විකල්ප මාර්ග ලෙස භාවිතා කළ හැක.

එමෙන්ම මහනුවර දෙස සිට මහියංගනය දෙසට ගමන් ගන්නා සැහැල්ලු වාහන වලට පමණක් උඩදුම්බර පොලිස් වසමේ එනමල්පොත හන්දියෙන් උඩුදුම්බර නගරයටත්, මහියංගනය දෙස සිට මහනුවර දෙසට ධාවනය වන සැහැල්ලු වාහන උඩදුම්බර නගරයෙන් එනමල්පොත හන්දිය දක්වාත් විකල්ප මාර්ග ලෙස භාවිතා කළ හැක.

Continue Reading

පුවත්

පූජිතට හා හේමසිරිට මහාධිකරණයෙන් නියෝගයක්

Published

on

By

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවක් අද (22) කොළඹ මහාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය. 

පාස්කු ඉරුදින, ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාදී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළේය.

අදාළ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම්, විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විත්තිකරුවන්ගේ විත්ති වාචක කැඳවීමට පියවර ගන්නා ලෙස ඉකුත්දා නියෝගයක් නිකුත් කර තිබුණි. 

ඒ අනුව අදාළ නඩුව අද නාමල් බලල්ලේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. 

ඒ අනුව ඉකුත් දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ නඩු තීන්දුව විත්තිකරුවන්ට කියවා දෙනු ලැබීය. 

ඒ අනුව මෙම නඩුව යළි කැඳවා විත්තියේ සාක්ෂි විමසන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය තීන්දුව මගින් දැනුම් දී ඇතැයි ද විනිසුරුවරු විසින් විත්තිකරුවන්ට දැනුම් දී තිබේ.

ඉන් අනතුරුව නඩුව ලබන 28 වනදා කැඳවීමටද නියෝග කළේය.

Continue Reading

පුවත්

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තියයි

Published

on

By

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්වරුන් සහ ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයෝ පළමු වරට ජනාධිපති කාර්යාලයේදී අද (22) රැස් වූහ.

සියලුම පුරවැසියන් සඳහා සුරක්ෂිත, සෞඛ්‍යාරක්ෂිත සහ තිරසර ආහාර පද්ධතියක් සහතික කර ලීමේ රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීම ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ අරමුණයි. 

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළ ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී නිරවද්‍ය දත්ත හා තොරතුරු ඉතා වැදගත් බවත්, ඒවා නොමැතිව තීරණ ගැනීමේ අවදානම තවදුරටත් දැරීමට රජය සූදානම් නැති බවත්, නිවැරදි දත්ත හා තොරතුරු පද්ධතියක් සකස් කිරීමට ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙන බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

සෘජු පරිභෝජනයට මෙන්ම, කුකුළු හා බිත්තර කර්මාන්තයට අවශ්‍ය සත්ව ආහාර, බියර් නිෂ්පාදනය වැනි මානව පරිභෝජනයට අදාළ සියලු කර්මාන්ත සඳහාද යෙදවුම් වශයෙන් සහල් ලබා දීම රජයේ සංවර්ධිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමේදී සලකා බැලිය යුතු බව කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී. 

තවද රටේ ජනතාවගේ ආහාර පරිභෝජනය සම්බන්ධයෙන් අධ්‍යයනය කළ යුතු බවත් නිරෝගී ජනතාවක් බිහි කිරීමට මෙන්ම ආහාර අපතේ යාම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා කමිටු සාමාජිකයින්ට මෙහිදී උපදෙස් දෙන ලදී. 

ජාතික ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්ති රාමුවක් ඇති කිරීම, අත්‍යවශ්‍ය ආහාර තොරතුරු පද්ධතියක් පවත්වා ගෙන යාම, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් නිර්ණායක ඔස්සේ  නව වැඩපිළිවෙළක් සකස් කිරීම, විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ දේශීය නිෂ්පාදන වැඩි කිරීම සහ බෙදා හැරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීම ආදි කරුණු රැසක් මෙහිදී අවධානයට ලක් විය.

ආහාර සුරක්ෂිතතාව, ආහාර මිල සහ වෙළෙඳපොළ කළමනාකරණය පිළිබඳවද මෙහිදී සාකච්ජා කෙරිණි.

අග්‍රාමාත්‍ය ලේකම් ජී.පී. සපුතන්ත්‍රී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය – 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved