Connect with us

පුවත්

අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්

Published

on

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා කඩදාසි මිලදී ගෙන රුපියල් ලක්ෂ එකසිය විස්සක් වංචා කර ඇතැයි චෝදනා කරමින් නිප්චූන් පේපර් පුද්ගලික සමාගම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

පුවත්පත් මුද්‍රණය කිරීම සඳහා කඩදාසි ගෙන්වා බෙදා හරින නිප්චූන් පේපර් පුද්ගලික සමාගම පවරා ඇති මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස අර්ජුන ඇලෝසියස් හා කඩතොට ගෙදර චමින්ද සහන් යන පුද්ගලයින් නම් කර තිබේ.

මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

බන්ධනාගාර අධිකාරිය මගින් අර්ජුන අලෝසියස් මහතාව අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර දෙවැනි විත්තිකරු අධිකරණයේ පෙනී නොසිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ධර්මතිලක ගමගේ මහතාගේ උපදෙස් පරිදි නීතිඥ පාතිමා සුහරියා මහත්මිය අධිකරණයේ කරුණු ඉදිරිපත් කළාය.

නීතිඥවරිය කරුණු ඉදිරිපත් කළේ, විත්තිකරුවන්ගේ බැංකු ගිණුමේ මුදල් නොමැති බව දැන දැනම 2019 වසරේ අවස්ථා හතරකදී චෙක්පත් හතරක් නිකුත් කරමින් රුපියල් මිලියන 12 ක් වංචා කිරීම හා සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ මෙම නඩුව පවරා ඇති බවය.

විත්තිකාර ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් නඩුව සම්බන්ධයෙන් අධ්‍යනය කරුණු ඉදිරිපත් කිරීම හා උපදෙස් ලබා ගැනීම සඳහා සාධාරණ කාලයක් ලබා දී විත්තිකරුට ඇප නියම කරන ලෙසට ඉල්ලා සිටියේය.

දෙපර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප අටක් විත්තිකරුට නියම කරනු ලැබීය.

අධිකරණයේ පෙනී නොසිටි දෙවැනි විත්තිකරුට මාර්තු මස 19 දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි ද නිකුත් කලේය.

පුවත්

දුම්රිය ස්ථානාධිපත්වරු අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ

Published

on

By

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අද (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් එම සංගමය මෙම වැඩවර්ජනය කිරීමට නියමිතව ඇත.

මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයිද වාර්තා වේ.

Continue Reading

පුවත්

කොටහේනේ යළි වෙඩි තැබීමක්

Published

on

By

කොටහේන ප්‍රදේශයේ තැබීමක් සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ලාභ ලැබූ විදුලිබල මණ්ඩලේ යළි පාඩු ලැබීම අරඹලා

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා වල දැක්වෙන බව වාර්තා වේ.

විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි.

මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි.

මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන ලද ඉහළම ලාභ අගය පසුගිය 2024 වර්ෂයේ දී වාර්තා කිරීමට සමත්ව ඇති අතර එම අගය රු. බිලියන 144 කි. 2024 වසරේ කාර්තු හතරේ දීම මණ්ඩලය ලාභ අගයයන් වාර්තා කර තිබීම විශේෂත්වයකි.

මූලාශ්‍රය – අදදෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved