Connect with us

පුවත්

අර්ජුන වැඩ අල්ලයි අතුරුකමිටුවක් ඉල්ලයි : LPL වටලත් බාල්දියක්

Published

on

ලබන දෙසැම්බර් 06 වැනිදා සිට ආරම්භ කිරීමට සැලැසුම්කර ඇති ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සහ ඉදිරියේදී පැවැත්වීමට යෝජිත ‘ටී 10’ ක්‍රිකට් තරගාවලිය අවලංගු කරන ලෙස ඉල්ලා ජාතික ක්‍රීඩා සභාව විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යෝජනාවක් ඉදිරිපත්කර ඇතැයි වාර්තා වේ.

ජාතික ක්‍රීඩා සභාව විසින් අදාළ යෝජනාවන් ඊයේ (10) ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ඉදිරිපත්කර ඇති අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට අතුරු කමිටුවක් පත්කරන ලෙසටද එහිදී ඉල්ලා ඇති බව පැවසේ.

එම යෝජනාවන් සම්බන්ධයෙන් ක්‍රීඩා සභාවේ වගකිව යුතු නිලධාරීන් සමග අද (11 ) පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව අවසන් තීරණයකට එළැඹෙන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මාධ්‍යට පවසා තිබේ.

‘‘ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියත්, ටී 10 තරගාවලියත් අවලංගු කරන මෙන් ඉල්ලා ජාතික ක්‍රීඩා සභාවෙන් යෝජනා ඇවිත් තිබෙනවා. උද්ගත වෙලා තිබෙන අර්බුදකාරී තත්ත්වයත් එක්ක ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා කවුන්සිලයත්, තේරීම් කමිටුවත් සමග සාකච්ඡා කරලා අවසන් තීරණයකට එන්න බලාපොරොත්තු වෙනවා’’යැයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් මාධ්‍යට පවසා ඇත.

අතුරු කමිටුව ඩොලර් කොල්ලයකටයි!

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ
ලංකා ප්‍රිමියර් ලීගය පැවැත්වීමට මේවන විට සියල්ල සූදානම් කර ඇති බවයි.

තරගාවලිය අත්හැරියහොත් ඉන් ඩොලර් මිලියන 2ක පාඩුවක් සිදුවන බවද මේ අතර වාර්තා වේ.

එසේම නම හෙළි නොකළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරියකු අරුණ පුවත්පත වෙත මෙසේ පවසා තිබේ.

“මේ තරගාවලිය වෙනුවෙන් ලංකාවට පැමිණීමේ අදහසින් සිටින විදේශිකයන් ලංකාවට එන්නේ නැති වෙයි. ධනුෂ්ක ගුණතිලකට ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් මෙවැනි දේවල් කරන්න හදනවා නම්, ඒ සිද්ධියෙයි, තරගාවලි අවලංගු කිරීමෙයි ඇති සම්බන්ධය කුමක්ද? ශ්‍රී ලංකා ක්‍රිකට් සතුව මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 40ක සංචිතයක් තියෙනවා. යම් අයෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අතුරු කමිටුවක් දාන්න හදන්නේ ඒකේ තියෙන සල්ලි කොල්ලකන්න. අපි ඒ බව අයි.සී.සී.යටත් දැනුවත් කරලා තියෙන්නේ.

යම් හෙයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත අතුරු කමිටුවක් දැම්මොත් අනිවාර්යයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර්ජාතික වශයෙන් තහනමකට ලක් වෙනවා’’

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ලෙස අර්ජුන රණතුංග මහතා කටයුතු කරන අතර ඔහු දේශපාලනයට සම්බන්ධවන සෑම අවස්ථාවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය අත්පත් කර ගැනීමට උත්සාහ කිරීම පසුගිය කාලය පුරාම දක්නට ලැබිණි.

Continue Reading

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved