Connect with us

පුවත්

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Published

on

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අල්ලස් කොමිසම හමුවේ කැඳවීමට පියවර ගැනීම සම්බන්ධව හිටපු ජනාධිපතිවරයා අද(11) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ අල්ලස් කොමිසමේ ක්‍රියාපිළිවෙල සම්බන්ධව හිටපු ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවය.

හිටපු ජනාධිපතිවරයාව කැඳවීමට දින ලබා දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුළ බවත් මෙම කාලසීමාවේදී ඔහුත් ඔහුගේ නීතීඥයින් කොළඹ රැඳි නොසිටින බැවින් වෙනත් දිනයක් ඉල්ලීමටත් පියවර ගෙන ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන්ය.

නිවේදනය නිකුත් කරමින් රනිල් මහතා පෙන්වා දෙන්නේ අල්ලස් කොමිසමේ වේගය ලෝක වාර්තාවක් තැබිමට සමාන බවත් මිට පෙර මෙවනි ආකාරයට කටයුතු කර නොමැති බවත් ය.

ඒ අදාල ප්‍රකාශය සිදුකර පැය 18ක් යාමට මත්තෙන් එනම් අද (11) දහවල් 12:30 පමණ වන විට අදාළ කැඳවිමේ ලිපිය හිටපු ජනපතිගේ කාර්යාලයට ලැබිම හේතුවෙනි.

අල්ලස් කොමිසමේ නිළධාරීන්ගේ රාජකාරී නොකරන රාත්‍රි කාලය අඩු කල විට පැය තුනක පමණ කාලයක් ඇතුලත ලිපි ගොනු සකසා අධ්‍යක්ෂක වෙත යොමු කර මේ සඳහා කොමිසන් සභාවද රැස් කර තිබෙන බව සිය නිවේදනයෙන් රනිල් මහතා විසින් වැඩිදුරටත් පෙන්වා දෙනු ලබයි.

සබැඳි පුවත්:

අල්ලස් කොමිසමෙන් රනිල්ට කැඳවීමක්

පුවත්

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වැල්ලවත්ත – හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක ළඟ තිබී රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිටියදී පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය අඟහරුවාදා මෙම ගිනිඅවිය හමුවූ අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලට අදාළව අනාවරණය කරුණු අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Continue Reading

පුවත්

කොළඹ ප්‍රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්

Published

on

By

අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් එළැඹෙන 25 වැනිදා (ඉරිදා) පෙ.ව. 8.00 සිට ප.ව. 8.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

මේ හේතුවෙන් කොළඹ නගරය ඇතුළව තදාසන්න ප්‍රදේශ රැසක ජනතාවට සිදුවන අපහසුතාව මගහරවා ගැනීමට අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා මෙන් ඉල්ලා සිටියි.  

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ,

  • කොළඹ 1 සිට15 දක්වා,
  • කෝට්ටේ,
  • කඩුවෙල,
  • බත්තරමුල්ල,
  • කොලොන්නාව,
  • කොටිකාවත්ත,
  • මුල්ලේරියාව,
  • IDH,
  • මහරගම,
  • දෙහිවල,
  • ගල්කිස්ස,
  • රත්මලාන සහ මොරටුව

Continue Reading

පුවත්

දයාසිරිගේ හැසිරීම විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

Published

on

By

දයාසිරි ජයසේකර මහතාගේ මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා කථානායක වික්‍රමරත්න මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.

අද (23) දිනයට අදාළ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින් කථානායකවරයා විසින් මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.

කථානායකවරයා නිවේදනය කර සිටියේ, ඉකුත් මැයි 20වනදා පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී නීතිඥ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධව ලද පැමිණිලිලක් සැලකිල්ලට ගනිමින් මෙම ත්‍රිපුද්ගල කමිටුව පත්කළ බවය.

ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ මෙම කමිටුවේ සභාපති ලෙස නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය නම්කර ඇත.

එහි සෙසු සාමාජිකයන් වන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved