වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කළ, අලි ගහනය පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්ෂණය අද ආරම්භ වීමට නියමිතය.
අද(17) , හෙට (18) සහ අනිද්දා යන දිනවලදී මෙම සමීක්ෂණය සිදු කෙරේ.
රට පුරා ස්ථාපිත සමීක්ෂණ මධ්‍යස්ථාන 3130 කදී මෙම අලි ඇතුන් නිරීක්ෂණය කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කර තිබේ.
මෙම සමීක්ෂණයේදී දත්ත රැස්කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යය මණ්ඩලය, වෙනත් රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩලය, ආරක්ෂක හමුදා සාමාජිකයින්, පුද්ගලික අංශයේ විවිධ ආයතනවල සේවා නියුක්තයන්, උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් හා ස්වකැමැත්තෙන් සහභාගි වන්නන් යොදාගනු ලබයි.
මෙම සමීක්ෂණයෙන් රැස්කරනු ලබන දත්ත විධිමත් විශ්ලේෂණයකට ලක් කිරීම මඟින් අලි සමීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂිතය.
දීප ව්‍යාප්ත අලි ගහන සමීක්ෂණය අවසන් වරට පවත්වා ඇත්තේ 2011 වසරේදීය.
එම සමීක්ෂණයේදී මෙරට අලි ගහනයේ අවමය සතුන් 5879ක් ලෙසත් එම ගහනයේ 55.09% ක් වැඩිහිටි අලින් ද 25.03% ක් තරුණ වයසේ පසුවූ අලින් ද 12.04% ක් පැටවුන් ද 6.04% ක් ළදරු අවස්ථාවේ සතුන් ද වූ බව වාර්තා විය.