Connect with us

පුවත්

අලුත් කැබිනෙට්ටුවේ අවසන් තීන්දුව බැසිල් රනිල් හමුවෙන් පසුවයි

Published

on

යෝජිත අමාත්‍ය මණ්ඩල පත් කිරීම් සම්බන්ධ අවසන් තීන්දුව ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ඉදිරි දින කිහිපය තුළදී පැවැත්වෙනු ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

පසුගියදා පෞද්ගලික නිවාඩුවක් සඳහා ඇමෙරිකාව බලා ගිය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (20) උදෑසන 8.30ට ඩුබායි සිට එමිරේට් ගුවන් සේවයේ ඊ.කේ. – 650 දරන ගුවන්යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි.

බැසිල් මහතා මීට පෙර ලංකාවට පැමිණෙනු ඇතැයි වාර්තා පලව තිබුණේ ලබන ජනවාරි මාසයේදීය.

එසේම හිටපු ඇමැතිවරයාට ලබන වසරේ ජනවාරි 15 වැනිදා තෙක් විදේශගත වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ද ලබා දී තිබිණි.

මීට මාස තුනකට පමණ පෙර අමෙරිකා එක්සත් ජනපදය බලා ගොස් තිබූ, ඒ මහතා පිළිගැනීම සඳහා ඇමැති ප්‍රසන්න රණතුංග, රාජ්‍ය ඇමැතිවරුන් වන පියල් නිශාන්ත, ප්‍රසන්න රණවීර, සනත් නිශාන්ත, ශාන්ත බණ්ඩාර, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු වන රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, එස්.එම්. චන්ද්‍රසේන, පවිත්‍රා වන්නිආරච්චි මහත්ම මහත්මීහු පැමිණ සිටියහ.

කෙසේවුවද, රාජපක්ෂ පවුලේ කිසිවකු ඔහු පිළිගැනීමට පැමිණ සිටියේ නැත.

පක්ෂය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම පක්ෂයේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා මෙරටට පැමිණි බව ගුවන්තොටුපළෙන් පිටතට පැමිණි රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

මෙම පැමිණීම පක්ෂයට ශක්තියක් මෙන්ම මන්ත්‍රීවරුන්ට ගමට ගොස් ඡන්දය ගන්න රාජපක්ෂවරු අවශ්‍ය බවත් හෙතෙම කීවේය.

ගුවන්තොටුපොළ අවට ඊයේ (20) විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබිණි.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved