Connect with us

පුවත්

අලුත් පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට

Published

on

දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය හෙට (21) ආරම්භ වීමට නියමිතය.

කතානායකවරයා ඇතුලු සෙසු තනතුරු සඳහා තෝරා ගැනීම ඇතුළු විශේෂ කටයුතු රැසක් එදින සිදුකෙරෙයි.

ඒ අනුව, 10 වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීමට සඳහා හෙට(21) උදෑසන 9.00 පමණ වනවිට පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහනධීර මහත්මිය සියලු මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබේ.

ඇය පැවසුවේ, උදෑසන 10.00ට නව සභාවාරය ආරම්භ වන බවය.

පාර්ලිමේන්තුව කරා පැමිණීමෙන් පසු මන්ත්‍රීවරුන්ගේ රථ පොලිස් නිලධාරීන් විසින් නියමිත රථගාලට යොමු කරන බවත් අනතුරුව ඔවුන් පාර්ලිමේන්තුවේ ප්‍රවේශ ශාලාවට පැමිණ ගණපූර්ණ සීනුව නාද කරන තෙක් එහි රැඳී සිටි යුතු බවත් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය දැනුම් දෙයි.

මේ අතර මන්ත්‍රීවරුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා විශේෂ තොරතුරු කවුළුවක් ඊයේ මෙන්ම අද දිනයේ ද විවෘතව පවතින බව පාර්ලිමේන්තු මහලේකම්වරිය පවසයි.

ඒ අනුව, පාර්ලිමේන්තු සංකීරණයේ ස්ථාපිත තොරතුරු කවුළුවට පැමිණ මන්ත්‍රීවරුන්ට තම තොරතුරු ලබා දිය හැකිය.

ඇඟිලි සලකුණු ලබාදීම සඳහා මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීම අනිවාර්ය බව ද මහලේකම්වරිය ප්‍රකාශ කළාය.

මේ අතර ලබන 25 ,26, 27 යන දිනයන්හිදී නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පුහුණු සැසියක් පැවැත්වෙනු ඇත.

එහිදී පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටි සහ පාර්ලිමේන්තුවේ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුවත් කිරීමට නියමිතය.

පාර්ලිමෙන්තු මහලේකම් කුෂාණි රෝහනධීර මහත්මිය සඳහන් කළේ, මන්ත්‍රීවරුන්ට අවශ්‍ය තොරතුරු එම දිනවලදි ලබාදෙන බවය.

පුවත්

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් අද යළි වර්ජනයක

Published

on

By

සිය ගැටලුවලට මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විසඳුම් ලබානොදීම හේතුවෙන් දිවයින පුරා සියලු රෝහල්වල අද (05) යළි වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූර්ක වෛද්‍ය වෘත්තීයවේදීන් පවසයි.

අද උදෑසන 8.00 සිට මෙම වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.

කෙසේවෙතත් මෙම වර්ජනයට පිළිකා රෝහල, මාතෘ සහ ළමා රෝහල්, වකුගඩු රෝහල් සහ මධ්‍යම ලේ බැංකුව ඇතුළු සුවිශේෂ ආයතන සම්බන්ධ නොවන බව සඳහන්ය.

උසස්වීම් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් පසුගියදා වර්ජනයක නිරත වු අතර මේ හේතුවෙන් රෝගීන් ද දැඩි දූෂ්කරතාවයකට පත්වුණි.

අද දිනයේ වර්ජනය සඳහා වෛද්‍ය රසායනාගාර පර්යේෂණ වෘත්තිකයන්, ඖෂධවේදීන් ඇතුළු පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් 5ක් එක් වන බව චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.

Continue Reading

පුවත්

කුලියාපිටිය නවකවධ සිද්ධියට ඇල්ලූ 4ම රිමාන්ඩ්

Published

on

By

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය හේතුවෙන් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනා සහ සිසුවිය ලබන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ඔවුන්ව අද (04) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාල සිසුවිය පසුගිය 02දා විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබුණු අතර, අසල සිටි පිරිසක් විසින් ඇයව බේරාගෙන කඩිනමින් කුලියාපිටිය රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

පසුව රෝහල් පොලීසිය විසින් අදාළ ශිෂ්‍යාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් තමන්ට නවකවධය ලබාදීම හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සහ ගත් බවයි.

Continue Reading

පුවත්

මුඛ ආවරණ පැළඳීමේ උපදෙස් ලිපිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

කාර්යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් ජුනි 02දා බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් යුතුව ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකොට ඇත.

එහි දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යොමු කරමින් අදාල ලිපියේ නිකුත් කර ඇති උපදෙස් යළි සලකා බලා කටයුතු කරන මෙන් ඉල්ලා ඇති බවයි.

කාර්යාල තුළ මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බවද ජාසිංහ මහතා පවසා තිබේ.

මේ වන විට එම උපදෙස් මාලාව ඉවත් කර ඇතැයි වාර්තා වේ. 

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැහැදිලි කිරීම මෙසේය :

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved