Connect with us

පුවත්

අවසන් සටනට  රනිල් – සජිත් – අනුර – නාමල්  අද කොළඹට

Published

on


2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් කිහිප දෙනෙකුගේ අවසන් මැතිවරණ ප්‍රචාරක රැළි අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ.

ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසන් ප්‍රචාරක රැළිය අද (18)  ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කොස්ගස් හන්දිය ප්‍රදේශයේදී  සවස 6.00ට පැවැත්වීමට නියමිතය.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන පොලිස් වසමේ පංචිකාවත්ත පාර ටවර්හෝල් රඟහල ඉදිරිපිට පැවැත්වෙන සමගි ජන බලවේගය ප්‍රචාරක රැලිය දහවල් 5.00ට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ජාතික ජනබලවේගය ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රචාරක රැස්වීම නුගේගොඩ ආනන්ද සමරකෝන් රංගශාලා භූමියේදී පස්වරු 5.00ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහභාගී වන අවසන් මැතිවරණ ප්‍රචාරක රැළිය අද (18) සවස 5.00ට පැවැත්වෙන්නේ පිලියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගනයේදීය.

මෙම සියලුම අවසන් මැතිවරණ ප්‍රචාරක රැළි සියල්ල අපගේ Sri Lanka Mirror වෙබ් අඩවිය  (https://sinhala.srilankamirror.com)  හා නිල ෆේස් බුක් පිටුව (FB Page – https://web.facebook.com/slmirror/)  ඔස්සේ සජීවීව විකාශනය සැලසුම් කර ඇති අතර ඒ ඔස්සේ සජීවීව නැරඹීමට හැකියාව පවතී.

මේ අතර ජනාධිපතිවරණ අවසන් ප්‍රචාරක රැළි පැවැත්වීම හේතුවෙන් කොළඹ නගරය, නුගේගොඩ හා පිලියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් අද දිනයේ එම ප්‍රදේශවල විශේෂ රථ වාහන සැලසුම් ක්‍රියාත්මක වන බවයි පොලිසිය පවසයි.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved