Connect with us

පුවත්

අවුකන පිළිමෙට සිවුරු ඇන්දුවට ධම්මකිත්ති හිමියන්ට විරුද්ධව පොලිසියට පැමිණිල්ලක්

Published

on

අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට සිවුරක් පැළඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවුකන රජමහා විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති හිමියන්ට විරුද්දව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව  ගල්නෑව පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු කර ඇතැයි වාර්තා වේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ති ජයසිංහ මහත්මියගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇතැයි පැවසේ.

මේ අතර, ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු ප්‍රතිමා හෝ ස්ථාන සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මින් ඉදිරියට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිත අවසරයක් ගත යුතු බවත් නොඑසේ නම් නීති මඟින් කටයුතු කරන බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවුකන රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට දැනුම් දී  ඇතැයි වාර්තා වේ.

අවුකන ප්‍රතිමාවට සිවුරක් පැලඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් විහාරාධිපති හිමියන්ගෙන් ප්‍රකාශයක් ද ගෙන තිබේ.

සිවුරක් පැලඳවීම නිසා ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමාවට හෝ ඒ අවට පුරාවිද්‍යා සාධකවලට කිසිදු භෞතික හානියක් සිදුව නැතැයි එම සිද්ධිය සම්බන්ධයෙන් කලාප භාර පුරාවිද්‍යා නිලධාරීන් සිදු කළ ස්ථාන පරීක්ෂාවෙන් පැහැදිලි වී තිබේ.

පසුගිය පොහෝ දින අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පැලඳවීම පිළිබඳ සමාජ මාධ්‍යජාලා ඡායාරූප සහිතව ප්‍රවෘත්තියක් පළ කළ අතර එය සමාජයේ මහත් කතාබහට ලක් විය. ප්‍රවෘත්තියට අදාළව අනුරාධපුර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ වෙතින් ඉතා කඩිනම් වාර්තාවක් කැඳවා තිබේ.

ඒ අනුව බුද්ධ ප්‍රතිමාව ආශ්‍රිත ස්ථානීය පරීක්ෂාවක් සිදු කොට ඇති අතර අදාළ සිද්ධිය පිළිබඳ අවුකන රාජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇත.

‘විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන කඨින පූජෝත්සවය වෙනුවෙන් පිළිම වහන්සේට පැය කිහිපයක් සිවුරක් අන්දවා පූජා පැවැත්වීමට තමන් වහන්සේ කටයුතු කළේය.’ යනුවෙන් විහාරාධිපති හිමි පවසා තිබුණහ.

උන් වහන්සේ වැඩිදුරටත් පවසා ඇත්තේ ‘තමන් වහන්සේගේ අනුදැනුම මත සිදු වූ මෙම පූජාව කිසිදු ආකාරයකින් බුදු පිළිමයට හෝ අනෙක් පුරාවිද්‍යා ස්මාරකවලට හානියක් කිරීමේ අරමුණින් සිදු නොකළ බවත්ය.’

එමෙන්ම මෙම කඨින පූජාව වෙනුවෙන් සිවුරක් පැලඳවීම පිළිබඳ කල්වේලා ඇතිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්වත් කිරීමට නොහැකි වූ බවත් පවසා තිබේ.

එමෙන්ම එය අනවබෝධයෙන් සිදු වූ කටයුත්තක් බව උන් වහන්සේ පිළිගත්හ.

කලාප භාර පුරාවිද්‍යා නිලධාරීන්ගේ වාර්තා අනුව (ස්ථාන පරීක්ෂාව අනුව) අවුකන ඓතිහාසික බුද්ධ ප්‍රතිමාවට හෝ ඒ අවට පුරාවිද්‍යා සාධකවලට කිසිදු භෞතික හානියක් සිදුව නැත.

සබැඳි පුවත්
අවුකන පිළිමයට සිවුරු පැළඳවීම ගැන විමර්ශනයක් 

.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved