Connect with us

පුවත්

අවුරුදු 3ක් ඇතුළත වංචාවයි දූෂණයයි නැති කරනවා

Published

on

තම ආණ්ඩුවක් යටතේ වසර තුනක් ඇතුළත වංචාව සහ දූෂණය අවසන් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (02) පොදු ජන පෙරමුණේ “නාමල් දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

වංචාව සහ දූෂණය ඇතැමුන්ගේ සටන් පාඨයක් බවට පත් වුවද එය අවසන් කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු මෙහිදී පවසා සිටියේය.

ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ,

” වැඩිහිටියන්ට බය නැතිව තමන්ගේ දරුවන් සංස්කෘතිය කේන්ද්‍ර කරගත් සමාජය තුළ ගොඩනැඟෙනවා කියන විශ්වාසය වැඩිහිටියන්ට තමන්ගේ දරුවන්ට ගොඩනැඟෙන දේශය බෙදුනු නැති ඒකීය රටක් ලෙස පවතින රටක් බවට තහවුරු කරන ආණ්ඩුවක්. බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍ර කරගත් සියලුම සංස්කෘතීන් ආරක්ෂා කරන ආණ්ඩුවක් අපි ගොඩනඟන්නේ. ඒ ආණ්ඩුව තුළ අපි ගොඩනඟන රටේ ඊළඟ පරම්පරා බාරගන්නා දේමාපියන්ට සහ තරුණයන්ට තමන්ගේ හෙට දවස පිළිබඳ සුරක්ෂිත භාවයක් අවශ්‍ය වෙනවා. එක් පැත්තකින් මත්ද්‍රව්‍ය උවදුර, ළමා අපචාර, කාන්තා හිංසනය වැනි දේට නීති රෙගුලාසි අවශ්‍ය නම් අලුතින් හදමු. එවැනි සමාජ පර්වර්තනයකට අපි යායුතු වෙනවා. ඒ සමාජ පරිවර්තනයට යන්න නම් මේ රටේ සමාජය නැවතත් ගමයි පන්සලයි, වැවයි දැගැබයි සම්බන්ධ වියයුතු වෙනවා. ගොඩනැඟිය යුතු වෙනවා. ගමේ අයත් සම්බන්ධ විය යුතු වෙනවා. ඒ සම්බන්ධතාවය ගොඩනඟන්න හැකි සහ වුවමනාවක් තිබෙන අවශ්‍යතාවය තිබෙන දේශපාලන බලවේගයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ ජනතාව වෙනුවෙන් දියුණු රටක් ගොඩනඟන්න කටයුතු කරනවා. ඒ සඳහා මේ සියලු දෙනාටම ආරාධනා කරනවා “

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved