Connect with us

පුවත්

අශෝක් හා ආසිරි අධ්‍යක්ෂ නඩේ විනිසුරුවරිය වගඋත්තරකාරියක් කළ නඩුව 12දාට කල්යයි 

Published

on

ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට පටහැනිව වැඩි මිලට ඖෂධ 11 ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් ආසිරි මෙඩිකල් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව පවරා ඇති නඩුවට අදාළව මාර්තු 12 වැනිදා තෙක් පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අංක 52624/23 යටතේ ගොනුකර ඇති නඩුවේ විත්තිකරුවන් ලෙස අදාළ රෝහල සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන විශාල් බාලි, අශෝක පතිරගේ, අන්කූර් නාන්ද් තදානි, කරුණාමුනි මංජුල ප්‍රසන්න, සුදර්ශන් අහංගම, ගාර්දිය ලොකුගේ, හැරිස් ප්‍රේමරත්න, සිවකුමාර් සෙල්ලයියා, හරේෂ් කුමාර් කයිමාල්, අජිත් කරුණාරත්න සහ ඩී. බී. සඳතිසරු නම්කර තිබේ.

මෙම විත්තිකරුවන්ට ඉකුත් පෙබරවාරි 21 වැනිදා අධිකරණය හමුවේ නිසි පරිදි පෙනී සිටින ලෙස දන්වා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම විසින් නොතිසි නිකුත් කර තිබිණි.

අධිකරණය හමුවේ පෙනී සිටීමට නොතිසි නිකුත් කර තිබූ ආසිරි මෙඩිකල් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය තමන්ට එරෙහිව දුන් අධිකරණ නියෝග අභියෝගයකට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේ ය.

මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමින් මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම කළ නියෝගය ඉවත දමන්නැයි ඉල්ලා  ආසිරි මෙඩිකල් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගෙනුකර තිබිණි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වැඩි මිලට ඖෂධ ගැනීමට සිදුවීමෙන් අගතියට පත් සනත් කුමාර අතුකෝරල මෙන්ම, මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ද නම් කර තිබිණි. 

මහෙස්ත්‍රාත්වරිය අදාළ පෙත්සමේ 08 වැනි වගඋත්තරකාරිය ලෙස නම්කර තිබේ.

අදාළ රිට් පෙත්සමේ, පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙනී සිටින අතර, අගතියට පත් පාර්ශ්වයේ සනත් කුමාර අතුකෝරල වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පෙනී සිටියි.

අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන රිට් පෙත්සම ලබන 12 වැනිදා කැඳවීමට නියමිත අතර, මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අදාළ රෝහල සහ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවරා තිබෙන නඩුව ලබන 14 වැනිදා කැඳවීමට නියමිතය.

උපරිම සිල්ලර මිල රුපියල් 23.65 ක් වූ ඔලන්සපින් (Olanzapine 5mg – OLAN) නමැති ඖෂධ පෙත්තක් රුපියල් 101.73 ක මිලකට විකිණීම, උපරිම සිල්ලර මිල රුපියල් 7.08 ක් වූ ඇස්පිරින් (Aspirain 75mg – ECOSPRIN) නමැති ඖෂධ පෙත්තක් උපරිම සිල්ලර මිල ඉක්මවා රුපියල් 30.25 ක මිලකට විකිණීම, උපරිම සිල්ලර මිල රුපියල් 4.16 ක් වූ පැරසිටමෝල් Paracetamol 500 mg- panadol) නමැති ඖෂධ පෙත්තක් රුපියල් 19.05 කට විකිණීම ඇතුළු ඖෂධ වර්ග 11 ක් උපරිම සිල්ලර මිල ඉක්මවා විකිණීම මගින් ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් කර ඇති බව සඳහන් කරමින් චෝදනා 11 ක් යටතේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලට එරෙහිව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අංක 52624/23 දරන නඩුව පවරා තිබිණි.

මූලාශ්‍රය – අරුණ

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved