Connect with us

පුවත්

අසංක නිර්මාල් පැහැරගත් හමිනමක් පොලිසිය අත්අඩංගුවට ගනියි

Published

on

පොලිස් විශේෂ කාර්ය බළකා භටයින් දෙදෙනකු සමග ගොස් ව්‍යාපාරිකයකු පැහැරගත් හිමිනමක දෙමටගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. පැහැර ගැනීමට ලක්ව ඇත්තේ රූපවාහිනි නාළිකාවක හිමිකරුවකු හා මූල්‍ය ආයතනයක හිමිකරුවකු වශයෙන් කටයුතු කළ මාකොළ පදිංචි අසංක නිර්මාල් නමැති අයෙකි.

සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගල චන්දානන්ද නමැති කොළඹ ප්‍රධාන පාසල් කිහිපයක හිටපු ගුරු හිමිනමකි. 

දොඩම්දූව ප්‍රදේශයේ විහාරස්ථානයකදී හිමිනම පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

හිමිනම සමග ව්‍යාපාරිකයා පැහැර ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ 2552-2509 දරන කැබ් රථයකින් ගොස් ඇත්තේ මූලස්ථාන කඳවුරේ සැරයන්වරයකු හා කොස්තාපල්වරයෙකි. 

මොවුන් සී.අයි.ඩී. නිලධාරීන් බව හඟවා හිමිනම සමග ගොස් ව්‍යාපාරිකයා පැහැරගෙන ඇත.

දෙමටගොඩ පිහිටි මූල්‍ය ආයතනයක හිමිනම විසින් රුපියල් ලක්ෂ හතළිස් හයක් ආයෝජනය කර තිබේ. 

එම මුදල ලබා ගැනීමට යාමේදී ඇති වූ ආරවුලකින් පසුව හිමිනම විසින් පොලිස් විශේෂ කාර්ය බළකා කැබ් රථයෙන් සිය මිතුරන් දෙදෙනා සමග මාලබේ නිවසට ගොස් මූල්‍ය ආයතන හිමිකරු පැහැර ගෙන ඇත.

ගිවිසුම් අනුව ඉල්ලා සිටි මොහොතේම මුදල් දිය නොහැකි බව කියමින් ව්‍යාපාරිකයා විසින් ඒ වෙනුවට රුපියල් ලක්ෂ හතළිස් හයක චෙක්පතක් ලබාදී තිබේ.

එය ගැනීම ප්‍රතික්ෂේප කර ඇති හිමිනම ව්‍යාපාර හිමිකරුගේ නිවසේ ඔප්පුව හා විදේශ ගමන් බලපත්‍රය බලෙන් රැගෙන ඔහුද පැහැරගෙන ගොස් රාජගිරිය ප්‍රදේශයේදී අතහැර දමා ගොස් තිබේ.

මෙම පැහැර ගැනීම මැයි 11දා සිදුවී ඇති අතර සිද්ධියට මුල් වූ ව්‍යාපාරිකයා දෙමටගොඩ පොලිසිය වෙත පැමිණිලි කර ඇත්තේ ජුනි 10දාය.

පැමිණිල්ල අනුව දෙමටගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර යටතේ ඇරඹි විමර්ශනයකදී සැකකාර හිමිනම දොඩන්දුවේදී අත්අඩංගුවට ගෙන ඇත. 

හිමිනමගෙන් ප්‍රශ්න කිරීමේදී පැහැර ගැනීමට මුල් වූ බව කියන විශේෂ කාර්ය බළකා භටයින් දෙදෙනා හා කැබ් රථය ගැන හෙළිව වී තිබේ.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් කැබ් රථය හා සිද්ධියට මුල් වූ දෙදෙනා අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා ඇත.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved