Connect with us

පුවත්

අසංග ජයලත් රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් ධූරයට!

Published

on

රූපවාහිනි සංස්ථාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස දැන්වීම්කරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන අසංග ජයලත් පත් කර තිබේ.

ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන විසින් එම පත්වීම සිදුකර ඇත.

ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිධාරියකු වන මොහු, ඩිජිටල් යුගයේ දැන්වීම් නිර්මාණකරුවෙකු මෙන්ම සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිකයෙකු ද වේ.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක මාධ්‍ය සම්බන්ධිකරන ලේකම්වරයකු ලෙස සේවයකර ඇති අසංග ජයලත්, ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන ගණනාවක දැන්වීම්කරණ කටයුතු සම්බන්ධයෙන් සිය දායකත්වය සපයා ඇත.

cia.lk වෙබ් අඩවියේ සංස්කාරකවරයා වන මොහු, සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් සහ ඒ හා බැඳුණු දැනුම සහ තාක්ෂණය පිළිබඳව විදේශ රටවල් ගණනාවකම පුහුණු වැඩසටහන් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට සහභාගීවී අත්දැකීම් ලැබුවෙකි.

අසංග ජයලත්ගේ පත්වීම සම්බන්ධයෙන් සුබ පතමින් රුපවාහිනියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අජන්ත සෙනවිරත්න සිය ෆේස්බුක් පිටුවේ පහත සටහන පළකර ඇත.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

ඊයේ (ජූනි 02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :


(පෙර පුවත 2025 ජූනි ප.ව.12.49 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved