Connect with us

පුවත්

අස්වැන්න වෙළෙඳපොළට දාන්න කලින් රටකජු රටින් ගේන්න ලේකම් ලියුම් ගහලා

Published

on

වගා කරන ලද රටකජු අස්වැන්න වෙළෙඳපොළට නිකුත්වීමට පෙර රටකජු මෙට්‍රික් ටොන් 2,000 ක් ආනයනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ආනයන සහ අපනයන පාලක ජනරාල්වරයාට ලිඛිතව දැනුම්දී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, රට කජු මෙට්‍රික් ටොන් 2,000 ක තොගය පෙබරවාරි මස මැද භාගයට පෙර ආනයනය කිරීමට කටයුතු කරන ලෙසද අමාත්‍යාංශ ලේකම්වරයා සිය ලිපියේ සඳහන් කර ඇතැයි පැවසේ.

ඉකුත් 2022/23 මහ කන්නයේ සහ 2023 යල කන්නයේ රටකජු අස්වැන්න ප්‍රමාණවත් පරිදි වාර්තාවී තිබුණද, ප්‍රමාණවත් පරිදි ජල පහසුකම් නොතිබීම සහ පොහොර නොයෙදීම නිසා රටකජුවල ප්‍රතිසාධන ප්‍රතිශතය සියයට 50 ත් 55 ත් අතර ප්‍රතිශතයක් දක්වා අඩුවී තිබෙන බවද අමාත්‍යාංශ ලේකම්වරයාගේ ලිපියේ සඳහන් කර තිබේ.

රටකජුවලට අමතරව උඳු පිටි මෙට්‍රික් ටොන් 1,000 ක් ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අමාත්‍යාංශ ලේකම්වරයා ආනයන සහ අපනයන පාලකවරයාට එම ලිපියෙන්ම දැනුම් දී තිබේ.

මූලාශ්‍රය – අරුණ

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

ඊයේ (01) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :


(පෙර පුවත 2025 ජුලි 02 පෙ.ව.11.50 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading

පුවත්

Starlink  සේවාවන්  ශ්‍රී ලංකාව තුළ ලබා ගත හැකි බව නිල වශයෙන් නිවේදනය කරයි

Published

on

By

Starlink සිය සේවාවන් දැන් ශ්‍රී ලංකාව තුළ ලබා ගත හැකි බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

මේ ගැන සඳහන් කරමින් ඊලෝන් මස්ක් විසින් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම වෙත සටහනක් ද එක්කර තිබේ.

Continue Reading

පුවත්

යෝෂිතට සහ ඩේසි ආච්චිට අධි චෝදනා

Published

on

By

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට අද (02) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දුන්නේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ මෙම අධි චෝදනා භාරදීම සිදුවුණි.

ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියම කළේය.

ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළේය.

මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට සමාන්තර තවත් නඩුවක් අංක එක මහාධිකරණයේ ලබන 11 වනදා කැඳවීමට නියමිත බව සඳහන් කළේය.

එම නඩුවේ ලේඛන හා මෙම නඩුවේ ලේඛන එක හා සමාන බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා අදාළ ලේඛනවල යම් අඩුපාඩුවක් තිබේ නම් ඒවා තමන්ට දැනුම් දෙන ලෙස විත්තියේ නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් අධිකරණය හමුවේ පැවසුවේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි සම්පත් මෙන්ඩිස් සහ අනිල් සිල්වා යන ජනාධිපති නීතිඥවරු කියා සිටියේ අදාළ ලේඛන පරීක්ෂා කර යම් අඩුපාඩුවක් තිබේ නම් අධිකරණයට දැනුම් දෙන බවය.

ඉන් අනතුරුව මෙම නඩුව අගෝස්තු මස 4 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියම කළේය.

2009 වසරේ මාර්තු මස 31 වනදා සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දා අතර කාලසීමාව තුළ අනීතික ලෙස උපයාගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් පෞද්ගලික බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved