Connect with us

පුවත්

අස්වැසුමට ඉල්ලුම්කරුවන්ට  පණිවිඩයක්

Published

on

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයැදුම්පත් ලබා දීමට අතිරේක සහන කාලයක් ලබා දීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබේ.

එම මණ්ඩලය නිවේදනය කළේ, අස්වැසුම පළමු වටයේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අගතියට පත් තැනැත්තන් සඳහා දුක්ගැනවිලි ඉදිරිපත්කිරීමටද අවස්ථාව ලබා දෙන බවය.

අස්වැසුම දෙවන අදියරේ නිවසට පැමිණ තොරතුරු එකතු කිරීමේ සංගණනය ලබන මස දෙවන සතියේ සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සැලසුම් කර තිබේ.

ඒ අනුව, ඊට පෙර අස්වැසුම සඳහා මෙතෙක් අයැදුම් කිරීමට නොහැකි වූ පවුල් සහ තැනැත්තන් අනිද්දා සිට ලබන මස 02 වැනිදා දක්වා කාලය තුළ නියමිත අයැදුම්පත්‍රය සම්පූර්ණ කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාරදිය යුතුය.

අයැදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියෙන් ලබා ගැනීමට හැකියාව තිබේ.

මීට අමතරව පළමු අදියරට අයැදුම් කළ තැනැත්තන්ට ගැටලු හෝ දුක්ගැනවිලි ඇත්නම් එයද ඊට අදාළ අයැදුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියෙන් ලබාගෙන සම්පූර්ණ කර ප්‍රාදේශීය ලේකම් කාර්යලයට භාර දිය යුතුය.

අනිද්දා සිට ලබන මස 15 වනදා දක්වා මේ සඳහා අවස්ථාව හිමිවන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කලේය.

අස්වැසුම දෙවන අදියර සඳහා ලැබී ඇති අයැදුම්පත්‍ර සංඛ්‍යාව 455,000කි.

පළමු අදියර යටතේ පුද්ගලයින් දාහත් ලක්ෂකට සුබ සාධක ප්‍රතිලාභ දීමනා ගෙවීම සිදු කරනු ලබයි.

මේ අතර, අස්වැසුම ප්‍රතිලාභී පවුල්වලට අයත් වැඩිහිටියන්ගේ දීමනාව අස්වැසුම බැංකු ගිණුමට බැරකිරීමට පියවර ගෙන ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ, එම පවුල්වලට අයත් වයස අවුරුදු 70 ට වැඩි, පුද්ගලයින්ගේ මේ මාසයට අදාල රුපියල් තුන් දහසක වැඩිහිටි දීමනාව අස්වැසුම බැංකු ගිණුමට මගින් ලබාගත හැකි බවය.

පුද්ගලයින් 511,086කට අස්වැසුම යෝජනා කමය යටතේ දීමනාව හිමිවන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කලේය.

පුවත්

අද කාලගුණයේ වෙනසක්

Published

on

By

අද (12) සවස් කාලයේ සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. (30–40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.

Continue Reading

පුවත්

වෙසක් පුර පසොළොස්වක පොහොය අදයි

Published

on

By

ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය අද (12) ට යෙදී තිබේ.

බුදුන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද වෙසක් පොහොය දිනයක වන අතර උන්වහන්සේ බුද්ධත්වයෙන් අටවන අවුරුද්දේදී මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කළේ ද වෙසක් පොහොය දිනයේ වීම තවත් විශේෂත්වයකි.

ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.

Continue Reading

පුවත්

ගැරඩි ඇල්ල බස් අනතුරින් මියගිය ගණන ඉහලට; බස් එකේ කොටසුත් ගොඩ ගනියි

Published

on

By

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි.

අද (11) උදෑසන ප්‍රපාතයට පෙරළුණු එම බස් රථයේ කොටස් පස්වරුවේ ගොඩගෙන තිබේ.

පොලීසිය සහ යුදහමුදාව එක්ව විශාල දොඹකර ආධාරයෙන් මෙම බස් රථයේ කොටස් ගොඩට ගෙන ඇත.

පසුව එම කොටස් ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා කොත්මලේ පොලීසිය වෙත රැගෙන යවා ඇති බවද පැවසේ.

අද අළුයම සිදු වූ අනතුරින් මේ වන විට පුද්ගලයින් 22නෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම අනතුර සම්බන්ධ විමර්ශන කොත්මලේ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved