Connect with us

පුවත්

අසිරිමත් නත්තල උදාවෙයි !

Published

on

ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන තවත් අසිරිමත් නත්තල් දිනය අද (25)යි.

මැදියම් රාත්‍රියේ ප්‍රධාන නත්තල් දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන්ගේ ප්‍රධානත්වයෙන් පන්නිපිටිය ක්‍රිස්තුරාජ දේවස්ථානයේදී පැවැත්විණි.

මැක්ස්වල් සිල්වා රදගුරු හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් මීගමුව පළඟතුරේ සාන්ත ආනා දේවස්ථානයේ ද , ජේ.ඩී.ඇන්තනී රදගුරු හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් වෑවල සාන්ත සේවියර් දේවස්ථානයේ දී ද නත්තල් මැදියම් රාත්‍රියේ දේවමෙහෙයන් පැවැත්විණි.

මෙයට අමතරව කොච්චිකඩේ ශාන්ත අන්තෝනි, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් ඇතුළු දිවයිනේ සෑම දේවස්ථානයක ම මැදියම් රාත්‍රී නත්තල් දේවමෙහෙයන් පැවැති අතර දේව මෙහෙයන්ට ප්‍රථම විශේෂ නත්තල් කැරොල් ගී ගායනා පැවැත්වීමට ද කටයුතු යොදා තිබිණි.

දිළිදු ජනතාවට උදව් කිරිම මෙවර නත්තලේ තේමාව බව ජාතික කතෝලික ජන සන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පැවසීය.

පුවත්

නීතිවිරෝධීව ගෙන්වන ලද මෝටර් රථයක් රේගු භාරයට

Published

on

By

තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද මෝටර් රථයක් රේගු ආදායම් අධීක්ෂණ ඒකකය විසින් සිය භාරයට ගෙන තිබේ.

එම ඒකකය පැවසුවේ රුපියල් මිලියන 24ක පමණ වටිනාකමින් යුත් ටොයෝටා ප්‍රියස් වර්ගයේ නවීන මෝටර් රථයක් මෙලෙස ගෙන්වා ඇති බවය.

ජපානයේ සිට ගෙන්වන ලද බහාලුමක් තුළ තිබියදි මෙම මෝටර් රථය සොයාගෙන තිබේ.

එමෙන්ම පසුගිය මාස දෙක තුළ නීති විරෝධීව ගෙන්වන ලද වාහන අමතර කොටස් 200ක්ද රේගුව අද (06) මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරන ලදී.

Continue Reading

පුවත්

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ දැනුම්දීමක්

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.

ඒ අනුව විදුලිබල මණ්ඩලය එම යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පවතින විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව ඉදිරි මාස 6 පවත්වාගෙන යා යුතු බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ලොහාන් යළිත් අත්අඩංගුවට

Published

on

By

ඇප මත මුදා හැර සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා යළි අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ බීමතින් රිය පැදවීම හේතුවෙන් සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙනි.

කොල්ලුපිටිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඔහු ඊයේ (05) දින ඇප මත මුදා හැරීමටද අධිකරණය නියෝග කර තිබුණි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved