Connect with us

පුවත්

ආණ්ඩුවේ බහුතරය හඹක්: ආණ්ඩු පක්ෂය සීයට බහියි

Published

on

දේශපාලන පිටියේ පසුගිය දිනවල සිදුවුණු විවිධ පෙරළි සහ හැලහැප්පීම් හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම්ද දැඩි උණුසුම්කාරී තත්වයක් ගනු ඇතැයි වාර්තා වේ.

එසේම පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන අතරතුරදි පිල් මාරුවීම් කිහිපයක්ද සිදුවනු ඇතැයි පැවසේ.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයක් සමග පාර්ලිමේන්තුවේ බල තුලනයද වෙනස්වී ආණ්ඩු පක්ෂයේ බහුතර බලය අහිමිවී ගොස් ඇතැයි ද වාර්තා වේ.

මේ හේතුවෙන් යම් පනතක් සම්මත කිරීමේදී අවශ්‍ය සරල බහුතරය ලබා ගැනීමද ඉදිරියේදී ගැටලුකාරී වනු ඇතැයි දේශපාලන විචාරකයෝ සඳහන් කරති.

ආණ්ඩුවේ සහයට මීට පෙර මන්ත්‍රීවරුන් 117 ක් පමණ සිටි අතර එම සංඛ්‍යාව මේ වනවිට සියයකට ආසන්න සංඛ්‍යාවක් දක්වා පහළ බැස ඇතැයි කියති.

සාමාන්‍ය පනතක් සම්මත කිරීමට අවශ්‍ය මන්ත්‍රීවරුන් 113 (සරල බහුතරය) මේ හේතුවෙන් අහිමිව ගොස් ඇත.

මේ අතර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැදවීමේ දිනය ලං වෙමින් පවතින හෙයින් මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ සාකච්ඡාද ඒ ඒ දේශපාලන පක්ෂ ඉතා ප්‍රබල අදියරකින් ආරම්භ කර ඇති බව වාර්තාවේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කිරීමත් සමඟ මහින්ද රාජපක්ෂ නාමල් රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන්ට ඉදිරි කාලයේදී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්වල අසුන් ගැනීමට සිදුවනු ඇතැයිද පැවසේ.

මෙතෙක් කල් ආණ්ඩුවේ කටයුතුවලට සහාය දුන් මෙම පිරිස වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සහාය දීමත් සමඟ ඔවුහු විපක්ෂයේ භූමිකාව ඉටු කරන පිරිසක් බවට නිතැතින්ම පත් වන්නෝය.

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවෙන්නේ මෙම මස 15 වැනිදාය.

මූලාශ්‍රය – ලංකාදීප

පුවත්

හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ට ඇප

Published

on

By

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

ඒ අනුව සැකකරුවන් තුන් දෙනෙකු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් හා එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කල මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය හමුවට භාර දෙන ලෙසත් නියෝග කළාය.

ඉන් අනතුරුව නඩුව යළි නොවැම්බර් 14 යළි කැඳවීමටද මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.

Continue Reading

පුවත්

ගොවි විශ්‍රාම වැටුප ගැන නිවේදනයක්

Published

on

By

විශ්‍රාම වැටුප් අහිමිවී සිටින ගොවීන් සඳහා මේ මස සිට එම විශ්‍රාම වැටුප් ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

සිය ගැටලුව සම්බන්ධයෙන් ගොවීන් රජය වෙත කළ ඉල්ලීම් සලකා බලා එම විශ්‍රාම වැටුප් ගෙවීමට පියවර ගෙන ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

2012 /2013 කාලය තුළ ගොවි විශ්‍රාම වැටුප් අරමුදලට සිදුවු බලපෑම හේතුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීම මත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වී සිටින ගොවීන්ගේ පසුවාරික අයකිරීමේ ක්‍රියාවලිය අඩාල වී ඇති බව සඳහන්ය.

මෙම තත්ත්වය හේතුවෙන් එම යෝජනා ක්‍රමය යටතේ දායකත්වය ලබා සිටි ගොවීන්ට වාරික නිසි පරිදි ගෙවීමට නොහැකි වී තිබේ.

මේ හේතුවෙන් වයස අවුරුදු 60 සම්පුර්ණ වන අවස්ථාවේ දී නොකඩවා කන්න දෙකක් තුළ වාරික 5ක් නියමිත දිනට නොගෙවීම මත ගෙවිය යුතු සම්පුර්ණ වාරික මුදලින් සියයට 75කට නොඅඩු වාරික ප්‍රමාණයක් ගෙවා ඇති ගොවීන්ට වැටුප් හිමිකම් අහිමි වී තිබුණි.

කෙසේවෙතත් මෙම වාරික ගෙවීමට නොහැකි වීම ගොවීන්ගේ අතපසුවීමක් නොවන බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය පෙන්වා දුනි.

ඒ අනුව අදාළ ඉල්ලීම් සලකා බලා සියයට 75ට වැඩි වාරික මුදලක් ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා ගෙවා ඇති ගොවීන් වෙනුවෙන් අදාළ වාරික මුදලට ගැලපෙන ප්‍රතිශතාත්මක මුදලක් විශ්‍රාම වැටුප ලෙස ලබා දීම සම්බන්ධයෙන් කෘෂි කර්ම අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

ඒ අනුව ගොවි විශ්‍රාම වැටුප් උපදේශක කාරක සභාව වෙත යොමුකර එහි නිර්දේශ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මාසිකව ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ අවස්ථාව මේ මස සිට ගොවීන්ට ලබාදීමට කටයුතු සංවිධානය කර ඇති බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේය.

Continue Reading

පුවත්

කරදියාන කසළ අංගනයේ ගින්නක්

Published

on

By

පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

ගින්න නිවීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බව්සර් හතරක්, ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිනිබටයන් 15කුත් කණ්ඩායමක් ඒ සඳහා යොමු කර ඇති බව එහි ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසුවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved