Connect with us

පුවත්

ආපදා ප්‍රතිචාර හැකියාවන් ශක්තිමත් කරන “ඇට්ලස් ඒන්ජල්”

Published

on

මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය සහ එක්සත් ජනපද පැසිෆික් ගුවන් හමුදා, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ මාලදිවයින් ජාතික ආරක්ෂක බළකායේ සාමාජිකයින් සමඟ එක්ව ස්වභාවික හා මිනිසා විසින් ඇති කළ ආපදා අවස්ථා සඳහා සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා ඇති හැකියාව වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් හමුදා අභ්‍යාසයක් පැවැත්වීමට සැළසුම් කර තිබේ.

මෙම ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක් වන ‘ඇට්ලස් ඒන්ජල්’ ලෙස නම්කර ඇත.

ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීමේ දී ජාත්‍යන්තර සහයෝගීතාවයේ  වැදගත්කම සහ ඔරොත්තු දීමේ හැකියාව සහිත සමෘද්ධිමත් ඉන්දු-ශාන්තිකර කලාපයක් පෝෂණය කිරීම සඳහා එක්සත් ජනපදයේ කැපවීම අවධාරනය කිරීම මෙහිදී සිදුවේ.

අගෝස්තු 5-9 දක්වා දිනවලදී, එක්සත් ජනපදයෙන් ආ 70 දෙනෙකුට වැඩි පිරිසක් සහ C-130 හර්කියුලිස් ගුවන් යානා දෙකක් ඔවුන්ගේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් සගයන් සමඟ මෙම අභ්‍යාසය සඳහා සහභාගී වීමට නියමිතය.

ඇට්ලස් ඒන්ජල් අභ්‍යාසය නාගරික ප්‍රදේශවල සිදුකරන සහ වෛද්‍ය සහය ලබාදීම සඳහා සිදුකරන සෙවීම් සහ ගලවාගැනීම් කටයුතු මෙන්ම, ගුවන්යානා ගොඩබස්වන ස්ථානයේ කරගන්නා අළුත්වැඩියා ඇතුළු අභ්‍යාස හයකින් සමන්විත වන අතර එය අගෝස්තු 9 වන දින සිදුකරන අර්බුද කළමනාකරණ අභ්‍යාසයකින් අවසන් වේ. මෙම අභ්‍යාස සැලසුම් කර ඇත්තේ සැබෑ ජීවිතයේ ජීවිතයේ උද්ගත වන ආපදා සඳහා සූදානම් බව සහතික කරගනිමින්, විවිධ අවස්ථා හරහා ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් පරීක්ෂා කිරීමට සහ වැඩිදියුණු කිරීමට ය. ප්‍රධාන අභ්‍යාසයෙන් පසුව, එක්සත් ජනපද ගුවන් හමුදා ශල්‍ය වෛද්‍යවරු ශ්‍රී ලංකා හමුදා සහ සිවිල් වෛද්‍ය සගයන් සමඟ යහපරිච පිළිබඳ දැනුම බෙදාහදා ගනිමින් කොළඹ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දැනුම හුවමාරු සැසියක නිරත වනු ඇත.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved