Connect with us

පුවත්

ආරක්ෂක ඇමතිකම ගෝඨාභයට භාර දෙන්නැයි ඉල්ලීමක්

Published

on

රටේ ආරක්ෂක ලේකම් ධුරය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලබා දෙන ලෙස නිතීඥ මනෝජ් ගමගේ පවසයි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ මහතා දක්ෂ සහ පරිනත පුද්ගලයෙක් බවත් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ බැවින් ඔහුට එම ධූරය ලබා දෙන ලෙසට ඉල්ලා සිටින බවය.

එමෙන්ම හිටපු ජනාධ්හිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරු අතීතයේදී මෙරට සෑම කටයුත්තකටම සෘජුව තීන්දු තීරණ ගත් නායකයන් බැවින් ඔවුන්ගේ ජීවිත ගැන බියක් පවතින බවද ඔහු එහිදී කියා සිටියේය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නීතීඥ මනෝජ් ගමගේ මහතා :

“අපිට අපේ නායකයන්ගේ ජීවිතය ගැන බයයි. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ,නාමල් රාජපක්ෂ මහතාගේ ජීවිතය ගැන බයයි. ගෝඨාභය රාජපක්ෂ ගැනත් බයයි. මොකද ඔවුන් අතීතයේදී මේ සෑම දේකට විරුද්ධවම එඩිතරව, සෘජුව තීන්දු තීරණ ගත්ත නායකයන්.ඔච්චර රාජපක්ෂලගේ නම කිය කිය කෙඳිරි ගාන්න එපා. ඔබතුමන්ලා කියනවානේ දැන් බලාගෙන ගියාම මෙ රට තාමත් පාලනය කරන්නේ රජයේ මැති ඇමතිවරු කියන විදියට රාජපක්ෂවරුලු. එහෙනම් අවශ්‍ය නැහැනේ ඔය පුටුවල ඉන්න, වහාම ඔය පුටුවලින් අයින් වෙන්න. රටේ ආරක්ෂක ඇමතිකම බාර දෙන්න ගෝඨාභය රාජපක්ෂ මහතාට.මාසෙකට භාර දෙන්නකෝ.මේ සියලු ප්‍රශ්න එතුමා විසඳලා පෙන්නයි. මොකද එතුමාට තියෙනවා ආරක්ෂක ලේකම්වරයා විදිහට දක්ෂ ලෙස මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරපු නායකයෙක්. කෙඳිරි ගාන්න එපා තමන්ට බැරි නම් වැඩේ ලැජ්ජ නැතුව ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට භාර දෙන්නකෝ”

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved