Connect with us

පුවත්

ආරක්ෂාව ගැන පොලීසියෙන් ප්‍රකාශයක්

Published

on

ඉදිරි කාලසීමාව තුළ රටේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

අද (21) පස්වරු 4ට ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්වීමෙන් පසු පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසීය. 

පොලිස් නිලධාරීන් සහ කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් අවශ්‍ය පරිදි රාජකාරියේ යෙදී සිටින අතර පොලිස් මාර්ග බාධක ක්‍රියාත්මක වන බැවින් ප්‍රතිඵල නිකුත්කර අවසන්වන තුරුම රට තුළ ආරක්ෂක වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බවද ඒ මහතා පැවසීය.

මේ අතර, පශ්චාත් මැතිවරණ කාලසීමාව තුළ සහ සතියක් ඇතුළත කිසිම පුද්ගලයෙකුට රථ වාහනවලින් හෝ පාගමනින් පෙළපාලි යෑම සම්පූර්ණයෙන් තහනම් බවත් සියලුම ජනතාව මෙම නීතිරීතිවලට අවනතව කටයුතු කළයුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම්දෙයි. 

එමෙන්ම ඔහු ඉල්ලා සිටියේ, පුරවැසියෙකු ලෙස සාමකාමීව නීතියට අවනතව රටේ නීතිය හා සාමය රැකීමට අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා පොලීසියට සහාය දක්වන ලෙසටය.

එමෙන්ම සාමය කඩවීමේ ක්‍රියාවක් සම්බන්ධයෙන් තොරතුරක් වේ නම් ඒ පිළිබඳව පහත සඳහන් දුරකථන අංකවලට දැනුම්දෙන ලෙසට ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 

119
118
107 (උතුරු, නැගෙනහිර සඳහා) 

011 202 7149
011 201 3243
111 239 9104 – (Fax අංකය
)

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved