Connect with us

පුවත්

ආර්ථිකයට තීරණාත්මක පනත් කෙටුම්පත් 2ක් 22දා මැතිසබේට

Published

on

මෙරට ආර්ථිකයට අතිශය තීරණාත්මක  පනත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැළසුම් කර තිබෙන බව වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය. 
ඒ අනුව යළි ආර්ථික බිඳවැටීමක් සිදු නොවීමට අදාළව “ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත” සහ රටේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ප්‍රශස්ත ම්ට්මක පවත්වාගෙන යාම වෙනුවෙන් “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත”  ඉදිරිපත් කරන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙසේද සඳහන් කළේය.

මෙරට ආර්ථිකයට ඉතා වැදගත් පනත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැළසුම් කර තිබෙනවා. මින් එක් පනත් කෙටුම්පතක් වන්නේ යළි ආර්ථික කඩා වැටීමක් ඇති නොවීමට අදාළව ඉදිරිපත් කෙරෙන“ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත”(Economic Transformation law)යි. මෙම පනත් පනත් කෙටුම්පත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කරනු ලැබූවක් නොවෙයි. එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව ඉදිරිපත් කෙරෙන පනත් කෙටුම්පතක් බව පැවසිය යුතුයි. පසුගිය සමයේ බිඳ වැටුණු ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වය දක්වා ගෙනවිත් තිබෙනවා. එම තත්ත්වය ඉදිරියට ද රැකගැනීමට අවශ්‍යයි.

ඒ වගේම යළි ආර්ථික අර්බුදයක් ඇති නොවන පරිදි කටයුතු කරමින් රටේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ඉතාමත් ප්‍රශස්ථ මට්ටමක පවත්වා ගත යුතුව තිබෙනවා. ඊට අදාළ වගවීම සම්බන්ධයෙන් අවධානය යොමු කර රාජ්‍ය මූල්‍ය මනා ලෙස කළමනාකරණය සඳහා “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත” ද ලබන 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඒකාබද්ධ වැඩසටහන තුළ අපට පෙන්වා දුන් කරුණක් වනවා. ඒ වගේම මෙය රටේ ඉදිරි මූල්‍ය කළමනාකරණයේ දී ඉතාමත් වැදගත් වන පනත් කෙටුම්පතක් බව ද පැවසිය යුතුයි. 

එමෙන්ම මෙම පනත් කෙටුම්පත් දෙකම මෙරට ආනාගතයට ඉතාම තීරණාත්මක වන බව සඳහන් කළ යුතුයි. මෙම කෙටුම්පත් දෙක තුළ තාක්ෂණික කාරුණු රැසක් ඇතුළත් වනවා. මේ හරහා බලාපොරොත්තු වන්නේ මේ වන විට ක්‍රියාත්මක කර ඇති නව ආර්ථික ගමන් මඟ වෙනස් නොකර ආර්ථිකය පිළිබඳව විශ්වාසය තවදුරටත් තහවුරු වන ආකාරයට කටයුතු කිරීමයි. 

මෙහිදී ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ තව දුරටත් විස්තර කළහොත් එය අප රටේ ආර්ථික වර්ධනය කෙරෙහි ඉතා වැදගත් වනවා. 2023 වසරේ දෙවන සහ තුන්වන කාර්තුවල ආර්ථික සංකෝචනයක් සිදුවුණා. නමුත් හතරවන කාර්තුවේ 4.5%ක ආර්ථික වර්ධන වේගයක් අත්කර ගනු ලැබුවා. ඒ සමඟ මෙරට පහලම මට්ට්ම දක්වා ආර්ථික වාසිය ගලාගෙන යාම ආරම්භ වුණා. 
ඒ වගේම මෙරට ආර්ථික තරගකාරීත්වය ප්‍රවර්ධනය කිරීම මෙන්ම ආර්ථිකයට ගෝලීය වශයෙන් පැමිණිය හැකි අභියෝග සඳහා මුහුණ දියහැකි තත්ත්වයට  පරිවර්තනය කිරීම, ගෝලීය සහයෝගීතාවය මනාව පවත්වාගෙන යාම සහ වර්ධනය කීරීම අවශ්‍යයි. එපමණක් නොවෙයි, වෙනස් විය යුතු තැන්වලවදී වෙනස් වීම වැනි කරුණු ද මෙම පනත් කෙටුම්පතින් ආවරණය වනවා.  

විශේෂයෙන් ජාත්‍යන්තර වෙළඳාම, වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීම, දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වෙනස්කම්වලට භාජනය විය යුතු නීති පද්ධතිය මෙම පනත් කෙටුම්පත හරහා ආවරණය වනවා. 

තවද  ශ්‍රී ලංකාවේ නව ආර්ථික කොම්ෂන් සභාවක් පිහිටුවීම, තරගකාරීත්වය තුළ ආයෝජන ආකර්ශනය කරගන්නා ආකාරය පිළිබඳව අවධානය යොමු කීරීම, ආයෝජකයන්ට වඩා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම, ජාත්‍යන්තර වෙළඳාම පුළුල් කිරීම, ජාතික ඵලදායිතා කොමිෂන් සභාව පිහිටුවීම, අපනයනය සම්බන්ධයෙන්වූ අදාළ ආයතන පිහිටුවීම මෙම පනත් කෙටුම්පත හරහා සිදුවන බව සඳහන් කළ යුතුයි. 

විශේෂයෙන්ම ආර්ථික පරිවර්තනය සම්බන්ධයෙන් අප විසින් ගත් තීන්දු පාර්ලිමේන්තුව විසින් පසුගියදා අනුමත කරනු ලැබුවා. 2022 වර්ෂයේ රාජ්‍ය ණය අනුපාතය 128% ක් ලෙස පැවතුණා. එය 2032 වසර වන විට  95% කට වඩා අඩු මට්ටමකට පවත්වාගෙන යාමට අවශ්‍යයි.

ඒ වගේම දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 2022 වසර වන විට 34.6 %ක්ව පැවති රාජ්‍ය මූල්‍ය අවශ්‍යතාව 2032 වසර වන විට 13% වඩා අඩු මට්ටමකට පවත්වාගෙන යාම අවශ්‍ය වනවා. 

එමෙන්ම ණය සේවාකරණය ද ඉතාමත් වැදගත් වනවා. අප උත්සහ කරන්නේ ණය ගෙවාගත හැකි ණය තිරසර භාවයෙන් යුතු රටක් බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීමටයි. 2022 වර්ෂයේ 9.4% ක්ව පැවති  ණය ගෙවීම් අනුපාතය 2027 වසර වන විට 4.5% කට වඩා අඩු කර ගැනීම අවශ්‍ය වනවා. 

රට වෙනුවෙන් සපුරාගත යුතු මෙවැනි නිෂ්චිත ඉලක්ක සහ රටේ ආර්ථිකයට එල්ල විය හැකි යම් අභියෝග පිළිබඳ ගන්නා ක්‍රියා මාර්ග පාර්ලිමේන්තුවට නැවත වාර්තා කිරීමට අවශ්‍ය පනත් කෙටුම්පතක් ලෙස මෙය හඳුන්වා දිය හැකි වනවා. 

මෙම පනත් හරහා අවසාන වශයෙන් අප බලාපොරොත්තු වන්නේ තිරසර ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යාම, ණය ගෙවීම තිරසර මට්ටමක පවත්වාගෙන යාම, කෘෂි කර්මාන්තය නවීකරණය කිරීම, ආනයනය සහ අපනයනය කළමනාකරණය කිරීම, ගෙවුම් ශේෂය කළමනාකරණය කිරීම හරහා රටේ ආර්ථික දිශානතිය නිවැරදිව මෙහෙය වීම බව සඳහන් කළ යුතුයි. 
ඒ වගේම රාජ්‍ය මුල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත හරහා විශාල කථිකාවතක් ගොඩ නැඟුණා. පැවති පනතේ දුර්වලතා හඳුනාගෙන අනාගතයේ අවශ්‍යතා සම්පූර්ණ කල හැකි ගැලපෙන නීති රාමුවක් ඉදිරිපත් කිරීම මෙමඟින් සිදු කෙරෙනවා. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

හිටපු ඇමති ෆවුසිට එරෙහි පෙත්සමකට දින නියම වේ

Published

on

By

ආපදා කළමනාකරන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නෙදර්ලන්ත රජය මගින් පරිත්‍යාග කරල ලද සුඛෝපභෝගී ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම තුළින් එවක අමාත්‍ය ඒ .එච්.එම්.ෆවුසි මහතා මහජනතාවගේ මූලික මිනිසා අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න විසින් ගොනුකර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා නොවැම්බර් මස 4 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළේය.

මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන් යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරන ලදී.

වග උත්තරකාර ෆවුසි හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥවරයෙකු පෙනී නොසිටි අතර ඔහුගේ නම විවෘත අධිකරණයේ අඬගසනු ලැබූ නමුත් එම අවස්ථාවේදී ඔහු අධිකරණයේ පෙනී නොසිටියේය.

පෙත්සම සම්බන්ධයෙන් වන නොතීසි සති හතරක් තුළ වග උත්තරකාර හිටපු අමාත්‍යවරයා වෙත යැවීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කරන ලදී.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ඇමති ඒ .එච්.එම්. ෆවුසි , ඔහුගේ ‍ලේකම් වරිය ලෙස කටයුතු කළ සිත්ති මරීනා මොහොමඩ් ඇතුළු 08 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරු කියා සිටින්නේ 2010 වසරේ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පරිත්‍යාගයක් වශයෙන් සුඛෝපභෝගී මෝටර් රථයක් ලබා දුන් බවත් පසුව ඔහු එය තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගත් බවයි.

පසුව අමාත්‍යංශ අරමුදල් වලින් රුපියල් මිලියනයක පමණ මුදලක් වැය කර ඔහු එම වාහනය නඩත්තු කර තිබෙන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ අතර ඔහු එම චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව මහාධිකරණය විසින් වසර 10 කට අත් හිටවූ සිර දඬුවම් නියම කළ බවත් පෙත්සමේ සඳහන් වේ.

අමාත්‍යවරයෙක් වශයෙන් ෆවුසි මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට ප්‍රතිඥාවක් ලබාදී තිබූණද මෙම ක්‍රියාව තුළින් ඔහු එම ප්‍රතිඥාව උල්ලංඝනය කර තිබෙන බවත් ඒ තුළින් ඔහු රටේ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.

Continue Reading

පුවත්

ලංකාවේ Starlink ආරම්භය ගැන ඉඟියක්

Published

on

By

සිංගප්පූරුවේ පැවති 2025 ආසියානු තාක්ෂණ සමුළුවට සමගාමීව, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් වැදගත් ද්විපාර්ශ්වික හමුවක් සංවිධානය කරන ලදී.

මෙම හමුව සඳහා මෙරට ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සන්නිවේදන සහ තොරතුරු ප්‍රතිපත්ති සම්බන්ධීකාරක තානාපති ස්ටෙෆාන් ලැන්ග් යන මහත්වරු එක් වූහ.

ශ්‍රී ලංකා රජය ඩිජිටල් ලෙස පරිවර්තනය කිරීම සඳහා දරන පුළුල් උත්සාහයන් පිළිබඳව තානාපති ලැන්ග් මහතා අගය කළ අතරම ඒ සඳහා සහයෝගය පළ කර සිටියේය.

සාකච්ඡාවේ දී සාකච්ඡා කළ ප්‍රධාන කරුණක් වූයේ ශ්‍රී ලංකාවේ Starlink සේවාවන් ආරම්භ කිරීම සඳහා වන වැඩපිළිවෙලයි.

ස්ටාර්ලින්ක් මෙහෙයුම් දියත් කිරීම සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාවලීන් සම්පූර්ණ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා මෙහිදී තහවුරු කළ අතර  ස්ටාර්ලින්ක් වෙතින් ලබාදීමට නියමිත තොරතුරු පුවරු (Dashboard) ලැබුණු පසු, මෙහෙයුම් ප්‍රමාදයකින් තොරව ආරම්භ කළ හැකි බව ද දන්වා සිටියේ ය.

ඊට අමතරව මෙහිදී තවත් උපායමාර්ගික ක්ෂේත්‍ර කිහිපයක් සාකච්ඡා කළ අතර ඒ අනුව, ගූගල් සහ මෙටා වැනි ප්‍රමුඛ ගෝලීය තාක්ෂණික සමාගම් සමඟ ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සඳහා අඛණ්ඩ සහාය ලබා ගැනීම, රට තුළ දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම, AI මත පදනම් වූ දත්ත මධ්‍යස්ථාන සංවර්ධනය ඇතුළුව විවිධ අංශ හරහා කෘතිම බුද්ධිය (AI) ඒකාබද්ධ කිරීම, සයිබර් ආරක්ෂණ පනතේ දියුණුව සහ සයිබර් ආරක්ෂණ ඒජන්සිය ශක්තිමත් කිරීම,පවතින මාර්ගගත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම, දත්ත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම සම්බන්ධයව අවධානය යොමු විය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය සඳහා ඒවා අභියෝගාත්මක සහ සංකීර්ණ බව විස්තර කරමින් තානාපති ලැන්ග් මෙම මුලපිරීම්වල වැදගත්කම සහ අත්‍යාවශයතාවය අවධාරණය කළේය. මෙම පරිවර්තනීය ඩිජිටල් ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවටත් ඔහු තවදුරත් අවධාරණය කළේය.

මෙම හමුව සඳහා සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ චාන්සරි ප්‍රධානී අහමඩ් රාසි  සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ උපදේශක සුමුදු රත්නායක යන මහත්වරුන් සහභාගී වූහ.

Continue Reading

පුවත්

විදුලිබල පනතට එරෙහිව පෙත්සමක්

Published

on

By

රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනුකර තිබේ.

ඒ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසිනි.

මෙම පෙත්සම අද (02) ඒ.එච්.එම්.ඩී.නවාස්, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

පෙත්සම නැවත විභාගය සඳහා ලබන 06 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (02) නියෝග කරන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved