Connect with us

පුවත්

ආර්ථික අර්බුදය නිසා කොහිල කෑම 40%කින් වැඩි වෙලා!

Published

on

2022 ආර්ථික අර්බුදය උත්සන්න සමයේ මෙරට කොහිල පරිභෝජනය සියයට 40කින් ඉහළ නැඟ තිබු බව හෙක්ටර් කොබ්බෑකඩුව ‌ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය විසින් ඊයේ (29) එළිදක්වනු ලැබූ පර්යේෂණ වාර්තාවක දැක්වේ.

2021 වර්ෂයේ සිට ම මෙරට ආරම්භ වූ ආර්ථික අර්බුදය සම්බන්ධව සිදු කළ Economic Crisis and Household food Security in Sri Lanka- 2022 පර්යේෂණ වාර්තාව මෙරට පැවැති ආර්ථික අර්බුදය නිසා රටේ ජනතාවගේ ආහාර පරිභෝජන රටාවට සිදු කළ හානිය පිළිබඳව හෙළිදරව් කර තිබේ.

2021 සැප්තැම්බර් මස සිට 2022 අවසානය දක්වා මෙරට ආහාර උද්ධමනය සියයට 95ක් දක්වා ඉහළ ගිය අතර එය නිදහසින් පසු මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය බව ද එම වාර්තාවේ දැක්වේ.

ආර්ථික අර්බුදය පැවැති 2021 හා 2022 කාලයේ ගෘහස්ථ එළවළු පරිභෝජනය ගත් කළ කොහිල  ව්‍යංජන සදහා  ඉල්ලුම සියයට 45ක් දක්වා ඉහළ ගොස් තිබුණ බවත් වැඩි දෙනෙක් අවටින් සපයා ගත හැකි කුමක් හෝ එළවළුවක් ආහාර සඳහා යොදා ගෙන ඇති බවත් එම වාර්තාව පෙන්වා දෙයි.

ඊට සාපේක්ෂව බෝංචි සියයට 30කින්, කැරට් සියයට 29කින්, වට්ටක්කා සියයට 27කින්, වම්බටු සියයට 27කින් , කොළ සහිත එලවළු සියයට 10කින්  වශයෙන් පරිභෝජනයට ගැනීම පහත වැටී තිබේ.

පෝෂණය අදාලව සළකා බලන විට නාගරිකව සියයට 25ක්, ග්‍රාමීය අංශයේ සියයට 03ක් හා වතු අංශයේ සියයට 07කට ප්‍රෝටීන් බහුල ආහාර නොලැබිනු බවත්, විටමින් A සහිත ආහාර පරිබෝජනය ගත් කළ නාගරිකව සියයට 66ක්, ග්‍රාමීය අංශයේ සියයට 46ක් හා වතු අංශයේ සියයට 41ක් විටමින් A සහිත ආහාර හිඟකමින් පෙළුනු බවත් එහි දැක්වේ.

සමීක්ෂණ කාලය තුළ ජනගහනයෙන් සියයට 56කට Heme Iron සහිත ආහාර කිසිවක් ලබා ගෙන නැති බවත්, එයිනුත් වතු අංශයේ සියයට 78ක් හීම් යකඩ සහිත ආහාර වන මස්, හා මාළු පරිභෝජනය නොකළ බව ද සමීක්ෂණ වාර්තාව තහවුරු කරයි.

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved