Connect with us

පුවත්

ආර්ථික ගැටලු විසඳන්න ගත් රජයේ ක්‍රියාමාර්ග වලට විග්නරාජා ගේ පැසසුම්

Published

on

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා (Kanni Wignaraja) මහත්මිය ඇතුළු නියෝජිත පිරිස  අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ.

රටේ පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහිදී ඇගයීමට ලක් කළ සහකාර මහලේකම්වරිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය අඛණ්ඩව ලබාදෙන බවට ද සහතික වූවාය.

ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් කෙරුණු අතර ශ්‍රී ලංකාවට දීර්ඝකාලීනව නැඟීසිටීමට  සහ රටේ ඉදිරි ගමන තහවුරු කිරීම උදෙසා දුෂ්කර තීරණ ගැනීමට සිදුවන බව සහකාර මහලේකම්වරිය ඇතුළු නියෝජිත පිරිසෙහි පිළිගැනීම විය.

පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීම ඇතුළු මෙරට දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙන්ම ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ සිදුකෙරෙන සාකච්ඡා පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝජිත පිරිස දැනුවත් කළ අතර එම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රශංසාව පළ කෙරිණි.ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

කොටස් වෙළෙඳපොළෙන් නව වාර්තාවක්

Published

on

By

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් ඉතිහාසයේ වාර්තා කරන ලද ඉහළම අගය ඊයේ (09) දිනයේ දී සනිටුහන් වූ අතර එහිදී දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,161.49 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපේකේෂව ඒකක 129.37ක ඉහළ යාමකි.

එහි දී සමාගම් 125ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර එය සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.

අද (10) ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 5.98 ක් ලෙසය.

Continue Reading

පුවත්

ජුලි මාසයේ පළමු දින 6 දී සංචාරකයන් 36000ක් දිවයිනට

Published

on

By

2025 ජුලි මාසයේ පළමු දින 06 තුළ පමණක් 36,000 ඉක්මවු සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 1,204,046ක් කි.

ගෙවුනු 2024 වසරේ සංචාරකයන් ලක්ෂ 12 ඉක්මවා ඇත්තේ අගෝස්තු මාසයේදිය.

ජූලි මාසයේ පළමු දින 6 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව  8,053කි.

දෙවනුවට එක්සත් රාජධානියෙන් සංචාරකයින් 3,562ක්, ඕස්ට්‍රේලියාවෙන් 2,674ක් සහ චීනයෙන් 2,362ක්  සංචාරකයින් ලෙස මෙරටට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡාවක්

Published

on

By

ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු එක්ව සිටියහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved