Connect with us

පුවත්

ආසන 27 ජපන් බස් එකක් කෝටි 2 1/2 යි

Published

on

ජපානයෙන් ආනයනය කරන ආසන 27 බස් රථයක් මෙරටදී අලෙවි කිරීමට සිදුවන්නේ රුපියල් කෝටි දෙකහමාරක පමණ ඉහළ මුදලකට බවත් ජපානයේ ලොරි රථ ආදියෙහිද මිල ගණන් ඉහළ ගොස් ඇති බවත් වාහන ආනයනකරුවෝ පවසති.

ප්‍රවාහන වාහන ආනයනයට අදාළව රජය විසින් රෙගුලාසි නිකුත් කර ඇතත්, වාහන ගෙන්වීමට අදාළ බදු සම්බන්ධ ගැසට් නිවේදන නිකුත් කර නොතිබීම නිසා තවමත් වාහන ආනයනය කිරීමට නොහැකි බවද ඔවුහු කියා සිටිති.

වාහන ආනයනට අදාළ බදු ප්‍රතිශතයන් රජය කඩිනමින් ප්‍රකාශයට පත් කරන්නේ නම් ලොරි, ඩබල් කැබ්, වෑන් ආදිය ආනයනය කළ හැකි බවද වාහන ආනයනකරුවන් සඳහන් කරති.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ වාහන මිලෙහි යම් වැඩිවීමක් සිදුවන බවය.

වාහන සඳහා බදු සම්බන්ධව යම් ගැටලු තත්ත්වයක් පවතී නම් ඒ සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන්ට මුදල් නියෝජ්‍ය ඇමැතිවරයා සමග සාකච්ඡා කිරීමේ හැකියාව පවතින බවද ඇමැතිවරයා පැවසීය.

පුද්ගලික වාහන ආනයනය කිරීමේදී රටේ ඩොලර් සංචිතවලට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධවද රජය අධ්‍යයනය කරන බවද ඔහු කියා සිටියේය.

යතුරුපැදි ආනයනය කිරීම සම්බන්ධයෙන් දැනට තීන්දුවක් ගෙන නොමැති බවද ඔහු පැවසීය.

මූලාශ්‍රය – අරුණ

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved