ගෙවුණු මාස කිහිපය තුළ ඇගලුම් කර්මන්තශලා දහයකට ආසන්න ප්‍රමාණයක් තාවකාලිකව වසා දැීම නිසා එහි සේවය කළ පන්දහසකට ආසන්න සේවකයින් හා ඒ ආශ්‍රිත වක්‍ර රැකියාවන්වල නිරතවු විශාල පිරිසකට සිය ආදායම් අහිමිව යාමෙන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා සිටිති.
ප්‍රධාන පෙළේ ඇගලුම් ආයතනයක කර්මාන්තශාලා තුනක්, එවැනිම ආයතන දෙකක කර්මාන්තශාලා දෙක බැගින් හා තවත් ආයතන තුනක කර්මාන්ත ශාලාද මෙසේ තාවකාලිිකව වසා දමා තිබෙි.
කොග්ගල, මිපේ, මාතලේ, වතුරගම, අනුරාධපුර, ආදි ප්‍රදේශවල මෙසේ කර්මාන්තශාලා වසා ඇත.
මෙම කර්මාන්තශාලාවල සේවය කල ඇතැමුන්ට ඔවුන් සේවය කළ කාලයට අනුව වන්දියක් ලබා දිමටත්, තවත් සමහර ආයතන කර්මාන්තශාලාවේ වැඩ තාවකාලිකව වසා දමා සේවකයින්ට නිවාඩු ලබාදී මුලික වැටුප ගෙවිමටද කටයුතු කල බව වාර්තා වේ.
ආයෝජන මණ්ඩලය යටතේ ඇති ආයෝජන කළාප පහළවක කර්මාන්තශාලා එකසිය තිස් පහක් ද තවත් ලියාපදිංච් කර්මන්තශාලා තුන්සිය විසි හයක් වශයෙන් කර්මාන්තශාලා හාරසිය හැට එකක් (461) ඇති අතර ඒ්යෙහි ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් සේවය කරති.
එසේම ඒ් හා තුන් ගුණයක ප්‍රමාණයක් මෙම කර්මානාතශාලා හේතුවෙන් වක්‍ර රැකියාවලින් ජිවිතය සරිකර ගනියි.
නවාතැන් පහසුකම්, ආහාරපාන, ප්‍රවාහන පහසුකම් සපයන්නන්, සිල්ලර වෙළදසැල් හිමියන් ඇතුලු විශාල පිරිසක් ඉන් ආදායම් ලබති.
දැනට තාවකාලිකව වසා දමා ඇති මෙම කර්මාන්තශාලා හේතුවෙන් වක්‍ර රැකියාවලින් දිවි ගෙවු විශාල පිරිසක් දැඩි බලපෑමකට ලක්ව ඇත.
මේ සම්බන්ධයෙන් ඇගලුම් කර්මාන්තශාලා හිමියන්ගේ සංසදයේ සභාපති යොහාන් ලෙවරන්ස්ගෙන් කල විමසුමකදී ඔහු පැවසුවේ ප්‍රධාන ඇගලුම් ගැනුම්කරුවන් වන ඇමරිකාව හා යුරෝපා සංගමයෙන් ඇති ඉල්ලුම අඩුවිම නිසා මෙම තත්වය උදාවී ඇති බවයි.
තවත් මාස දෙකක තුනක කාලයකට දැනට ලැබි ඇති ඇනවුම් ප්‍රමාණවත් බවත් සැප්තැම්බර් වලින් පසුව මෙම තත්වය යහපත් අතරට හැරෙනු ඇති බවටත් ඔහු විශ්වාසය පළ කලේය.
මෙය ශ්‍රි ලංකාවට පමණක් බලපෑ තත්වයක් නොවන බවත් බංගලාදේශය, වියට්නාමය, කාම්බෝජය, චිනය වැනි රටවල් වල ඇගලුම් කර්මාන්තශාලාවලට ද තදින් බලපා ඇති බව ඔහු සදහන් කලේය.