Connect with us

පුවත්

ඇමතිවරුන්ගේ කාර්යයන් හා ප්‍රතිපත්ති පිළිබඳ උපදෙස් මාලාවක්

Published

on

නව රජයේ අමාත්‍යවරුන්ගේ කාර්යයන් සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පහසුකම් සැලසීම සඳහා උපදෙස් ලබාදෙමින් ජනාධිපති ලේකම් සනත් කුමානායක මහතා විසින් ලිපියක් නිකුත් කර තිබේ.

ඒ අනුව, අමාත්‍යාංශ සඳහා ස්වේච්ඡා සහ පූර්ණ කාලීන උපදේශකවරයින් පත්කරගැනීම, අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහාය කාර්ය මණ්ඩල, වාහන සහ ඉන්ධන දීමනා, දුරකථන දීමනා සම්බන්ධයෙන් එයින් දැනුම් දී ඇත.

සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට යොමුකර ඇති එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

පුවත්

යුද හමුදා සාමාජිකයන්ට පාස්පෝර්ට් රෙජිමේන්තුවලට බාරදෙන්න කියයි

Published

on

By

මේජර් තනතුරින් පහළ සියලු යුද්ධ හමුදා සෙබළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අදාළ රෙජිමේන්තු වෙත භාරදීමට පියවර ගන්නා ලෙස යුද හමුදා මූලස්ථානය මගින් දැනුම් දීමක් සිදුකර තිබේ.

යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ මහතා පැවසුවේ පරිපාලන කටයුත්තකට අදාළව මෙම පියවර ගෙන ඇති බවය.

කෙසේවෙතත් පෞද්ගලික අවශ්‍යතා සඳහා අදාළ අංශ දැනුවත් කර විදෙස් ගමන් බලපත්‍රය නැවත ලබාගැනීමේ හැකියාව පවතින බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Continue Reading

පුවත්

කිළිනොච්චි රෝහල් එක්ස් කිරණ කාමරේ ගිනිගනියි, ගිනිනිවන බඩු කල් පැනලා ගින්න නිවන්න කල් යයි!

Published

on

By

කිළිනොච්චිය රෝහලේ එක්ස් කිරණ කාමරය තුළ ඊයේ (15) හදිසියේම ගිනි ගැනීම නිසා එහි තිබූ උපකරණ රැසක් ගින්නට හසු වී විනාශ වී ගොස් තිබේ.

මේ අවස්ථාවේදී රෝහලේ සවිකොට තිබූ ගිනි නිවන උපකරණ සියල්ලම භාවිත කිරීමට රෝහල් සේවකයින් පියවර ගෙන ඇති නමුත් ඒවා යල්පැන ගිය ගිනි නිවන උපකරණ නිසා ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වී නොමැති බව පැවසේ.

කිළිනොච්චිය රෝහල තුළම වෙනත් ව්‍යාපෘතියක් යටතේ ඉදි කොට තිබූ ගොඩනැගිල්ලක සවි කොට තිබූ ගිනි නිවන උපකරණ කීපයක් ගලවා ගෙන පැමිණි සේවකයින් විසින් දැඩි වෙහෙසක් දරා ගින්න පාලනය කර ගැනීම නිසා ඉතා වටිනා භාණ්ඩ හා උපකරණ අසුරා තිබූ එක්ස්‍ කිරණ කාමරයට ගින්න පැතිර යාම වළක්වා ගැනීමට හැකි වී තිබේ.

කෙසේවෙතත් මෙම ගින්න හේතුවෙන් විනාශ වී ගිය බොහෝ උපකරණ යළි භාවිතයට ගැනීමට නොහැකි වීම නිසා රුපියල් ලක්ෂ 25 ක පමණ අලාභයක් කිළිනොච්චිය රෝහලට සිදුව ඇත.

මෙම ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

කිළිනොච්චිය පොලීසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යන අතරතුර කිළිනොච්චිය රෝහල මගින්ද මෙම ගින්න සම්බන්ධයෙන් අභ්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

කෙසේවෙතත් කිළිනොච්චිය රෝහලේ සවිකොට ඇති සියලුම ගිනි නිවන උපකරණ කල් ඉකුත් වී වසර කීපයක්ම ගත වී ඇති බව රෝහල කළ පරීක්ෂණ වලින් දැනට හෙළි වී තිබේ.

Continue Reading

පුවත්

ගොවීන්ගෙන් ආණ්ඩුවට වී කිලෝ 700යි 

Published

on

By

වී අලෙවි මණ්ඩලයේ ගබඩාවලට ඉකුත් සතියේ දී ගොවීන් අලෙවි කර ඇත්තේ කිලොග්‍රෑම් 700 ක වී තොගයක් පමණක් බව වාර්තා වේ. 

අම්පාර දිස්ත්‍රික්කයේ වී ගබඩාවකට මෙම වී තොගය ලැබී තිබේ.

රජය වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කරනු ලැබුවේ ඉකුත් 06 වැනිදා සිටය. 

කෙසේවුවද, පෞද්ගලික අංශය වේලන ලද නාඩු, සම්බා වී කිලෝවක් රුපියල් 120 ත් 130 ත් අතර මිලකට මිලදී ගන්නා බව ගොවීන් කියා සිටිති. 

වී තොග රැස්කරන්නන් රැසක් කුඹුරටම ගොස් වී මිලදී ගෙන මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ට අලෙවි කරන බවද පැවසේ.

මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුව සහ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‌යේෂණ ආයතනයේ වාර්තාවලට අනුව තවමත් වෙළෙඳ පොළේ සහල් අලෙවි කෙරෙන්නේ රජයේ පාලන මිල ඉක්මවා බවද පැවසේ. 

ඇතැම් ගොවීන් වී තොග අලෙවි නොකර, වී මිල තවත් වැඩිවනතුරු සිය නිවෙස්වල ගබඩා කරගෙන සිටින බව ද වාර්තා වේ.

මූලාශ්‍රය – අරුණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved