Connect with us

පුවත්

ඇමති කොම්පැණිවලින් ගහන ඉන්දීය සංගීත ගැන කසුකුසුවක්

Published

on

ඉන්දීය සංගීතඥයන් ඇතුළත් අන්තර්ජාතික සංගීත සංදර්ශන මාලාවේ පළමුවැන්න ලෙස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සංගීත සංදර්ශනයේ සංවිධාන කටයුතු කරනු ලබන්නේ වක්‍රව මෙරට කැබිනට් අමාත්‍යවරයකුට අයත් සමාගම් විසින් බවට කසුකුසුවක් ආණ්ඩුවේ ඇමතිවරු අතර මතුව ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීමට ප්‍රසංග සංගීත ක්ෂත්‍රයේ කිහිපදෙනෙකු පසුගිය දිනවල ජනපතිවරයා මුණ ගැසීමට උත්සාහ කර ඇතැයි ද පැවසේ.

ශ්‍රී ලංකාව, කැනඩාව සහ මැලේසියාව යන රටවල් තුන අතර මේ සංගීත සංදර්ශන මාලාව පැවැත්වෙන බව සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (23) ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කර තිබිණි.

“දේවා, හරිහරන්, මුරලි, ක්‍රිෂ්ණරාජ්, ශ්‍රීකාන්ත්, අනුරාධා, අජයක්‍රිෂ්ණා, පූජා, අල්කා, අජිත්, මනෝ, සත්‍යප්‍රකාශ්, දිවාකර් ඇතුළු ජනප්‍රිය කලාකරුවන් රැසක් මීට දායක වීමට නියමිතයි” යනුවෙන් ද ඔහු වැඩිදුරටත් එහි දක්වා තිබිණි.

ඇමතිවරයා පවසන්නේ, දේශීය රසිකයන්ට අමතරව විදේශීය සංචාරකයන් 2000 කට වැඩි පිරිසක්ද මෙම ප්‍රසංගයට සහභාගී වීමට නියමිත බවයි.

මේ අතර සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ 2023 වසරේ සංචාරක පැමිණීම් මිලියන 1.5 ඉක්මවනු ඇතැයි ගණන් බලා ඇති බවයි.

ඡායාරූපය – ඇමති හරීන්ගේ ෆේස්බුක් පෝස්ටුවෙන් උපුටා ගන්නා ලදී.

පුවත්

ASP ගේ පක්ෂය දෙමළ හා මුස්ලිම් අපේක්ෂකයන්ට වෙන් කරයි 

Published

on

By

ව්‍යාපාරික ඒ.එස්.පී. ලියනගේ මහතා නායක්තවය දරණ ශ්‍රී ලංකා කම්කරු පක්ෂයෙන් මෙවර උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වලට දෙමළ හා මුස්ලිම් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට සැලැසුම් කර ඇතැයි වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට සහය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය  අමාත්‍යවරයකු ද වන කේ. කාදර් මස්තාන් මහතා අදාළ ලයිස්තු සකස් කිරීමේ පෙරමුණ ගෙන කටයුතු කළ බව පැවසේ.

මේ පක්ෂය සඳහා ද මුදල් යොදවනු ලබන්නේ රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා රාශියක හිමිකරුවකු වන දෙමළ ජාතික ව්‍යාපාරිකයකු බව වාර්තා වේ.

Continue Reading

පුවත්

දිස්ත්‍රික්ක 9කට නායයෑම් අනතුරු ඇඟවීම්

Published

on

By

දිවයින ආශ්‍රිත වායුගොලයේ වර්ධනය වන කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.

ඒ අනුව, ඊයේ (10) පෙරවරු 8.30 සිට අද (11) අළුයම 2.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ල ප්‍රදේශයෙන් වාර්තාවී ඇති අතර එය මිලිමීටර 196.5කි.

ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයට මිලිමීටර් 173.5ක වර්ෂාපතනයක්ද, කළුතර වොගන් වතුයාය ප්‍රදේශයට මීලිමීටර් 163.5ක වර්ෂාපතනයක් ද ලැබී තිබේ.

මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 9ක් සඳහා නායයැමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර තිබේ.

ගාල්ල, කළුතර, කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා අදියර 2 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර ඇති අතර, බදුල්ල, කොළඹ, ගම්පහ, මාතර, නුවරඑළිය සහ රත්නපුර, යන දිස්ත්‍රික්ක සඳහා අදියර 01 යටතේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

හයිලෙවල් පාරේ කොටසක් ජලයෙන් යටවෙයි

Published

on

By

පවතින වැසි තත්ත්වය හේතුවෙන් කොළඹ – අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගය ඇස්වත්ත හංදිය සිට හිගුරල හංදිය දක්වා ප්‍රදේශය ජලයෙන් යටවී තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved